එවරස්ට් කඳු මුදුනේ හිම තට්ටු යට දීර්ඝ කාලයක් තිස්සේ සංරක්ෂණය වී තිබූ මියගිය කඳුනගින්නන්ගේ සිරුරු හිම දියවීම හේතුවෙන් නිරාවරණය වීමට පටන්ගෙන ඇතැයි වාර්තා වේ.
ප්‍රථම වරට එවරස් තරණය කිරීමේ සිට මේ දක්වා කඳු නගින්නන් 300දෙනකු පමණ මියගොස් ඇති අතර එයින් සිරුරු තුනෙන් දෙකක පමණ ප්‍රමාණයක් තවමත් හිම තට්ටු යට මිහිදන් වී තිබෙන බවට විශ්වාස කෙරේ.
මිහිතලයේ උණුසුම වැඩිවීම හේතුවෙන් හිම තට්ටු දියවන අතර මෙම සිරුරු ක්‍රමක්‍රමයෙන් නිරාවරණය වන බව නේපාල කඳු නගින්නන්ගේ සංගමයේ සභාපති ඇන්ග් ටෙෂාරින් ෂර්පා පවසයි.
"පසුගිය වසරවල මියගිය කඳු නගින්නන්ගේ සිරුරු කිහිපයක් අප කඳු පාමුලට රැගෙන ආවා. නමුත් පැරණි සිරුරු දැන් නිරාවරණය වීමට පටන් අරගෙන තිබෙනවා." යැයි ෂර්පා පවසයි.
මේ සම්බන්ද ගවේෂණ සිදුකරන නේපාල සංවිධානයක් පවසන්නේ කඳු නැගීම සිදු කරන වසරේ මෙම කාලයේදී සිරුරු පහලට ගෙන ඒමට උත්සාහ කලද එය ඉතා අසීරු කාර්යයක් බවයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ පළපුරුදු ෂර්පා කඳු නගින්නන් යොදවා මෙම සිරුරු රැගෙන ඒමට සැලසුම් කර ඇති බවයි.
(බීබීසී ඇසුරිණ - 085)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd