ඩොලර් කෝටි ගණනක පොදු අරමුදල් වංචා කළැයි චෝදනා ලැබූ එල් සැල්වදෝරයේ හිටපු ජනපති එලියෑස් ඇනිටෝනියෝ සාකා අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ රජයේ නිලධරයෝ හය දෙනෙක්ටද මේ සම්බන්ධව චෝදනා එල්ල වී ඇත.

2004 සිට 2009 දක්වා කාලයේ බලයේ සිටි සාකා ඇතුළුව එල් සැල්වදෝරයේ හිටපු ජනාධිපතිවරුන් තිදෙනකු සිදුකළ වංචා සම්බන්ධව දැනට විමර්ශන සිදුවෙයි. කෙසේ වුවද සාකා තමාට එල්ල වූ චෝදනා සම්බන්ධව ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ කර නැත.