ඇමරිකාවේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයකු වන එලෝන් මස්ක් විසින් සිය නවතම රොකට්ටුව වන ෆෝල්කන් හෙවි රොකට්ටුව ෆ්ලොරීඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගමන් ආරම්භ කර ඇත.
මෙම අතිවිශාල යානය ‘ස්පේස් ෂටල්‘ රොකට්ටු වර්ගයේ දැවැන්ත නිර්මාණයක් වන අතර අත්ලාන්තික් සාගරයට ඉහලින් සාර්ථක ලෙස අභ්‍යවකාශයට ගමන් කළ බව පැවසේ.
ටොන් 64ක පමණ බරක් උඩු ගුවනට ගෙනයාහැකි ලෙස රොකට්ටුව නිපදවා ඇති අතර මෙය පර්යේෂණ චාරිකාවක් බව එලෝන් මස්ක් පවසයි.
පෘථිවි කක්ෂය වෙත උපරිම බරක් ගෙනයෑම මෙම රොකට්ටුව අත්හදා බැලිමේ මුලික අරමුණ බවද මස්ක් පවසා තිබේ.
(බීබීසි ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානව සංහතියට වැදගත් පරීක්ෂණයක්. ජයවේවා
එලෝන් මස්ක් කියන්නේ අනාගත ලෝකය දකින අති දක්ෂ ව්‍යවසායකයෙක්. අපේ පාලකයෝ රටට ඇත්තටම අදරෙයි නම් කරන්න ඕනෑ මේ වගේ ව්‍යාපාරිකයෝ ලංකාවට ගෙන්න ගන්න එක මිසක් සුදු, කළු සල්ලි සුදු කරන ව්‍යාපාරිකයෝ ගෙන්න ගන්න එක නෙවෙයි.