
සන්නද්ධ අපරාධ කල්ලි දෙකක් අතරේ පවතින දරුණු ගැටුම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන්, එල් සැල්වදෝරයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. එල් සැල්වදෝරය යනු ලතින් ඇමෙරිකාවට අයත් කුඩා රාජ්‍යයකි.
ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ යුතු යැයි ජනාධිපති නයිබ් බුකේලේ එරට පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණු අතර ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය. ඒ අනුව, හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණි.
අපරාධ කල්ලි සාමාජිකයන් අතර පැවැති ගැටුම් හේතුවෙන් ඉකුත් සති අන්තයේ පමණක් සැන් සැල්වදෝර් නගරයේ මියගිය ගණන 63 ක් බව පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd