IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


එයාර් ඉන්දියා යළි ටාටා සමාගමට

ඉන්දියාවේ ජාතික ගුවන් සේවාව වන 'එයාර් ඉන්දියා' ගුවන් සමාගම, එම ගුවන් සමාගම පිහිටුවූ එරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතනයක් වන ටාටා සමූහය විසින් මිලදී ගනු ලැබ ඇත.

ඉන්දීය කෝටිපති ව්‍යාපාරික රතන් ටාටා සභාපතිත්වයෙන් හිමි ටාටා සමාගම ඉන්දීය රුපියල් කෝටි 18,000 ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4 ක මුදලකට එයාර් ඉන්දියා ගුවන් සේවය මිලදී ගෙන ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරයි.

එයාර් ඉන්දියා සමාගම ටාටා සමුහය විසින් 1932 දී පිහටවූ ගුවන් සමාගමක් වන  අතර 1953 දී එවකට පැවති  අගමැති ජවහල්ලාල් නේරු අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුතු  ඉන්දීය රජය විසින් එය ඔවුන් යටතට පවරා ගනු ලැබීය. මේ වන විට එයාර් ඉන්දියා ගුවන් සේවා සමාගම සතුව ඇති ගුවන් යානා සංඛ්‍යාව 141 කි.

එයාර් ඉන්දියා ගුවන් සමාගම මෑතකාලීනව දිගින් දිගටම පාඩු ලැබූ අතර සමාගමේ කොටස් විකිනිමට උත්සාහ දැරුවද එය ද සාර්ථක නොවීය.එසේම කොවිඩ් වසංගත තත්ත්වය පැමිණීමට පෙර සිට එයාර් ඉන්දියා පාලනාධිකාරිය එහි ගුවන් නියමුවන් ඇතුළු එහි සේවකයින්ට නිසි පරිදි වැටුප් නොගෙවීම නිසා වරින් වර එහි කාර්ය මණ්ඩලය වැඩ වර්ජන ක්‍රියාමාර්ග වලද නිරත විය.

මේ අතර මෙම මිළදී ගැනීමත් සමග ඉන්දීය ප්‍රමුඛ ව්‍යාපාරික රතන් ටාටා මහත් විසින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් '' එයාර් ඉන්දියා නැවතත් පිළි ගනිමි යැයි සදහන් කර තිබිණි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

එයාර් ඉන්දියා යළි ටාටා සමාගමට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 334 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 172 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1848 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site