එමිරේට්ස් ගුවන් සේවය එයාර්බස් ඒ330 හා ඒ340 ගුවන් යානා තම  ගුවන් සේවයෙන් ඉවත් කර ඒ වෙනුවට එයාර්බස් ඒ380 හා බෝයින්ග් 777 යන ගුවන් යානා එක් කරගැනීමට තීරණය කර ඇත.

එයාර්බස් ඒ380 හා බෝයින්ග් 777 ගුවන් යානා අවම පරිසර හානියත්,ඉහළ ඉන්ධන ක්ෂමතාවයත් ඇති බැවින් මෙම තිරණය ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව විශාලතම ගුවන්සේවයක් වන එමිරේට්ස් ගුවන් සේවය සතුව දැනට එයාර්බස් ඒ380 ගුවන් යානා 85ක් ද බෝයින්ග් 777 ගුවන් යානා 160ක්ද පවතින අතර මෙම වසර අවසානයට පෙර තවත් එයාර්බස් ඒ380 ගුවන් යානා 20ක් හා බෝයින්ග් 777 ගුවන් යානා 16 මිලදී ගැනීමට සැලසුම් කර තිබේ.