2014 වසරේ ජූලි මාසයේ පුද්ගලයින් 298 දෙනකු මරණයට පත් කරමින් විනාශ වූ මැලේසියා ගුවන්සේවයට අයත් එම්එච් 17 ගුවන් යානය කඩා වැටීමට හේතුව මිසයිල ප්‍රහාරයක් බව අනාවරණය වී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

රුසියාවේ නිෂ්පාදිත බක් මිසයිලයක් මගින් ගුවන් යානයට ප්‍රහාර එල්ලවී ඇතැයි නෙදර්ලන්ත ආරක්ෂක මණ්ඩලය කියයි.

නෙදර්ලන්තයේ ඇම්ස්ට්‍රඩෑම් සිට මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර බලා පියාසර කරමින් තිබියදී එම ගුවන් යානය යුක්රේන - රුසියා දේශ සීමා ආසන්නයේදී ප්‍රහාරයකට ලක්ව කඩා වැටිණි.

බටහිර හා යුක්රේනය රුසියාවට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කළ නමුත් රුසියාව සඳහන් කළේ යුක්රේන ආරක්ෂක හමුදා මිසයිලයකින් යානය විනාශ වූ බවයි.

අලුතින් නිකුත්වූ වාර්තාවේ මිසයිල ප්‍රහාරයකින් යානය විනාශවූ බව සඳහන් වුවද එය කවුරුන් එල්ල කළ එකක්දැයි සඳහන් කර නැති බවද විදේශ ප්‍රවෘත්ති සේවා සඳහන් කරයි.

20151014malaysia-flight-mh17 20151014ukraine-scenes-mh1_2981651k malaysia-airline-retires-20151014mh17-flight-number