මේ වසර අවසානය වනවිට එබෝලා වැළඳුණු පුද්ගලයන්ගේ සංඛ්‍යාව තවත් තුන් ගුණයකින් පමණ ඉහළ යා හැකියැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලබන ජනවාරියේ දී එබෝලා වැළඳුණු පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ දහහතරක් ඉක්මවනු ඇතැයි ද එම සංවිධානය පෙන්වාදෙයි.
මෙතෙක් ස්පර්ශයෙන් හා ශරිරයේ බිඳිති මගින් පැතිරයන බවට විශ්වාස කළ එබෝලා වෛරසය සාමාන්‍ය වාතය ඔස්සේ ද පැතිරෙන බව විද්‍යාඥයන්ගේ මතය වී ඇත. එබෝලා වැළඳුණු පුද්ලයන්ගෙන් සියයට 70ක් පමණ මරනයට පත්වන බවත් දැනටමත් ඉන් මරණ 2800ක් වාර්තා වී ඇතැයි ද එම සංවිධානය පවසයි.
මේ අතර ලොව ප්‍රථම වතාවට සෞඛ්‍ය කරුණක් මුල්කැර ගනිමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද රැස්වීමක් කැඳවා තිබිණි. එහිදී ඒකච්ඡන්දයෙන් සම්මත වී ඇත්තේ රෝගය තවදුරටත් පැතිර ගියහොත් එය ලෝකයේ ආරක්ෂාවට මෙන් ම සාමයට ද තර්ජනයක් වනු ඇති බවයි. එබැවින් මෙය ඉක්මණින් මර්ධනය කළ යුතු බවයි.
2025 දෙසැම්බර් මස 18
590
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එබෝලා ලෝක සාමයට තර්ජනයක්
සත්‍යපාල Thursday, 25 September 2014 08:39 AM
එබෝලා වෛරසය ලෝකයේ ආරක්ෂාවට තර්ජනයක් වියහැකියි හැබැයි ලෝක සාමයට තර්ජනයක් වෙන්නේ කොහොමද කියලා පැහැදිලි නැහැ ,සමහරවිට ඒ .ජා ගේ ආරක්ෂක මණ්ඩලය කල්පනාකරනවා ඇති මේ වෛරසය ත්‍රස්ත්‍රවාදී සංවිධානයක් අතට පත් උනොත් එය ඔවුන්ගේ හතුරන්ට එරෙහිව පාවිච්චි කරයි කියලා. (දී)