මේ වසර අවසානය වනවිට එබෝලා වැළඳුණු පුද්ගලයන්ගේ සංඛ්‍යාව තවත් තුන් ගුණයකින් පමණ ඉහළ යා හැකියැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලබන ජනවාරියේ දී එබෝලා වැළඳුණු පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ දහහතරක් ඉක්මවනු ඇතැයි ද එම සංවිධානය පෙන්වාදෙයි.

මෙතෙක් ස්පර්ශයෙන් හා ශරිරයේ බිඳිති මගින් පැතිරයන බවට විශ්වාස කළ එබෝලා වෛරසය සාමාන්‍ය වාතය ඔස්සේ ද පැතිරෙන බව විද්‍යාඥයන්ගේ මතය වී ඇත. එබෝලා වැළඳුණු පුද්ලයන්ගෙන් සියයට 70ක් පමණ මරනයට පත්වන බවත් දැනටමත් ඉන් මරණ 2800ක් වාර්තා වී ඇතැයි ද එම සංවිධානය පවසයි.

මේ අතර ලොව ප්‍රථම වතාවට සෞඛ්‍ය කරුණක් මුල්කැර ගනිමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද රැස්වීමක් කැඳවා තිබිණි. එහිදී ඒකච්ඡන්දයෙන් සම්මත වී ඇත්තේ රෝගය තවදුරටත් පැතිර ගියහොත් එය ලෝකයේ ආරක්ෂාවට මෙන් ම සාමයට ද තර්ජනයක් වනු ඇති බවයි. එබැවින් මෙය ඉක්මණින් මර්ධනය කළ යුතු බවයි.