අප්‍රිකාවේ සියොරා ලියොන් රාජ්‍යයේ එබෝලා ආසාදිත රෝගින්ට නොබියව ප්‍රතිකාර කරමින් එබෝලා රජා ලෙස විරුදාවලිය ලැබූ වෛද්‍ය ෂේක් හියුමර් කාන් මහතා එම රෝගයෙන් ම මිය යාමේ දුක්මුසු පුවත අද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය සතියේ කෙන්මා රජයේ රෝහලේ එබෝලා රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටිය දී වෛද්‍ය ෂේක්ට රෝග වෛරසය ශරීරගත වී තිබිණි. කෙන්මා රෝහල පිහිටා ඇත්තේ සියොරා ලියොන් අගනුවර වන ෆ්‍රී ටවුන් නගරයට සැතපුම් 185ක් දුරිනි. වෛද්‍ය ෂේක්ට ප්‍රතිකාර ලබා දී ඇත්තේ සීමා මායිම් නොමැති වෛද්‍යවරු ලෙස කවුරුත් හඳුන්වන මෙඩිසින් සැන්ස් ෆ්‍රොර්ටයර්ස් නමැති ප්‍රංශ සහන කණ්ඩායමක් විසිනි.
වෛද්‍ය ෂේක් හියුමර් කාන් සියරා ලියොන් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි. මොහු අප්‍රිකානු රටවල සෞඛ්‍ය හා සනීපාරක්ෂක අමාත්‍යාංශයේ සේවය කලේය. තවද කෙනෙමා රජයේ රෝහලේ ලාසා උණ වැඩ සටහනේ ද සේවය කර තිබේ. ලාසා උණ වෛරසය බටහිර අප්‍රිකානු රටවල බහුල ය. පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක වරයෙක් ලෙස ද සේවය කර ඇත. මැනෝ විශ්ව විද්‍යාලයේ ලාසා උණ ජාලයේ කායික වෛද්‍ය අංශ ප්‍රධානි ලෙසද සහ එච්.අයි.වී. ඒඩ්ස් වැඩසටහනේ ප්‍රධානියා ලෙසද ඔහු ක්‍රියා කළේය. මොහු හඳුන්වා ඇත්තේ රක්තපාත උණ රෝගී චිකිත්සාව සම්බන්ධයෙන් ලෝකයේ සිටි අග්‍රගණ්‍ය වෛද්‍යවරයෙක් ලෙසයි. ඒ අතර එබෝලා රෝගය විශේෂිතය. එබෝලා වෛරසය පළමුව බටහිර අප්‍රිකානු රටවල් තුනක් වන ගයනා, ලයිබීරියා සහ සියරා ලියොන් හි පැතිරිණි.
එබෝලා වෛරසයේ ආසාදිතයන් සිටින නයිජීරියාවේ බෙනින් සිට ප්‍රංශය හරහා බ්‍රිතාන්‍යයට ගුවනින් පැමිණි පුද්ගලයකු එංගලන්තයේ බර්මින්ග්හැම් රෝහලේ දී අද එබෝලා වෛරසයට ගොදුරු වී ඇතැයි සැකපිට පරීක්ෂාවට ලක්කිරීමත් සමග එංගලන්තයේ මහත් කලබලකාරී තත්ත්වයක් ඇති වී රතු නිවේදන පවා නිකුත් කැරිණි.
එම රෝගියාගේ ලක්ෂණ එබෝලා වැළඳුණු රෝගියකුගේ ලක්ෂණවලට බොහෝ සෙයින් සමාන විය. පැය කිහිපයක පරීක්ෂාකිරීම්වලින් පසු තීරණය වූයේ එම රෝගියාට එබෝලා වෛරසය ආසාදනය වී නැති බවයි.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍යෙය් මේ රෝගයෙන් වැළකී සිටීම හා රෝගය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන සියළුම රෝහල් හා වෛද්‍ය කාර්ය මණ්ඩල වෙත එරට රජය අවවාද නිකුත්කැර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එබෝලා රජා වීරයෙකි! (නි)
මට රිච්මන්ඩ් අතීතය මතක් වුණා. අපේ එංගලන්තෙන් ආ මිෂනාරීන් නැතහොත් අප විද්‍යාලයේ ආදී කතෘ තුමන් කෙනෙකුත් මේ විදියට නේවාසිකාගාරයේ ළමයින්ට ප්‍රතිකාර කරන්න ගිහිල්ලා එම රෝගයම වැළදිලා මරණයට පත්වුණා. (නි)
මොනවා උනත් මේ වෛද්‍යවරයා අමරණීය වෙනවා !(දිල්)
ගයනා අප්‍රිකාවේ රටක් නොවේ එය ගානා විය යුතුයි. (අ)