එබෝලා වෛරසය ඉතා අන්තරාකාරී තත්ත්වයකට පත්ව ඇතැයි ද එය මර්ධනය කිරීම සඳහා සියළු රටවල් ඒකරාශී විය යුතුයැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. දකුණු අප්‍රිකාවේ කොංගෝ රාජ්‍යයටත් එබෝලා වෛරසය ව්‍යාප්තවී ඇතැයි ද දැනට එබෝලා ශරීරගතවූ පිරිස 2615 ක් ද ඉන් 1427 දෙනකු මියගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එබෝලා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ගිය වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් 240ට එබෝලා වැළඳී ඇති අතර ඉන් හරි අඩක් එනම් 120ක් මියගියහ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එබෝලා මර්ධනය කිරීමට තවත් මාස හයක පමණ කාලයක් ගතවනු ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේකත් මානව හිමිකම් ගොන්නට දාලා පිල්ලේ ලංකාවට එන්නේ නැතුව වාර්තාව හදනවා වගේ ක්‍රමයකට නවත්වාගන්න බැරිද දන්නේ නැහැ (නි)
මේක ලෝක ප්‍රශ්නයක් වෙලා දැන් අපේ රට දූපතක් නිසා මේකට වැට බඳින එක අමාරු නැහැ (අ)
පිස්සුද ඔයාලට. නිකන් දෙනවනම් අපේ අය කැති පාරක් වුණත් කනවා.(අ)