IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


එපා නම් එන්නත් ආපසු දෙන්න රුසියාව කියයි

මිලදී ගත් ‘ස්පුට්නික් 5‘ ප්‍රතිශක්තිකරණ එන්නත් තොගය භාවිතයට නොගන්නේ නම්, එන්නත සම්බන්ධයෙන් අඩුපාඩු කීම වහා නවතා, මිලදී ගත් එන්නත් තොගය ආපසු දෙන්නැයි රුසියාව ස්ලොවේකියාවට දන්වා ඇත.

ස්ලොවේකියාව යුරෝපා රටකි. රුසියාවේ ‘ස්පුට්නික් 5‘ එන්නත පළමුවෙන්ම මිලදී ගත් යුරෝපා රට වන්නේ ද ස්ලොවේකියාවය. ඒ, එරට කොරෝනා ආසාදිතයන් ඉහළ යමින් පවතින බැවිනි.

එන්නත් තොගය මිලදී ගැනීම සම්බන්ධයෙන් ද ස්ලොවේ එන්නත් මිලදී ගැනීම සම්බන්ධයෙන් දේශපාලන අර්බුදයක් ද නිර්මාණය විය. ඒ, අගමැති ඊගෝර් මැටවෙක් සිය සන්ධාන රජයේ සෙසු හවුල්කරුවන්ට නොදන්වා එන්නත මිලදී ගත් බැවිනි.

ඒ අනුව, අගමැති මැටවෙක්ට විරෝධයක් එල්ල වූ අතර, සන්ධාන රජය බිඳ වැටී, මැටවෙක් සිය ධුරයෙන් ද ඉල්ලා අස්විය. ස්ලොවේකියා රජය මිලදී ගත් එන්නත්  මාත්‍රා ගණන මිලියන දෙකකි.

ස්ලොවේකියා ඖෂධ පාලන අධිකාරිය පසුගිය සති අන්තයේ පවසා ඇත්තේ, රුසියාවෙන් මිලදී ගත් ස්පුට්නික් එන්නත් තොගය නිසි ප්‍රමිතියකින් නොමැති බවය.

එන්නත මිලදී ගැනීමට පෙර පරීක්ෂා කිරීමට ලැබුණු සාම්පල මෙන් නිසි ප්‍රමිතියකින් යුක්ත වූ නමුත්, මිලදී ගත් එන්නත් මිලියන දෙක එසේ නිසි ප්‍රමිතියකට නිපදවා නැති බවත් ස්ලොවේකියා ඖෂධ පාලන අධිකාරිය පැහැදිලි කර තිබේ.

ස්ලොවේකියා ඖෂධ පාලන අධිකාරිය කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් රුසියාව සිය කනස්සල්ල පළ කර ඇති අතර, එන්නත් ආපසු තමන්ට බාර දෙන්නැයි ද දන්වා තිබේ. ‘ස්පුට්නික් 5‘ එන්නත අපනයනයට සිදු කරන්නේ රුසියාවේ සෘජු ආයෝජන අරමුදල හරහාය.

මොස්කව්හිදීය (රොයිටර්)



අදහස් (1)

එපා නම් එන්නත් ආපසු දෙන්න රුසියාව කියයි

banda Monday, 12 April 2021 07:22 AM

ඔය එන්න ඇත්තේ ලංකාවට එවන්න.. විස පොල් තෙල් කන අපිට මොන ප්‍රමිතියක් ද මහත්තයෝ

:       7       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 22 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 123 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 927 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site