ප්‍රසිද්ධ ගායක එන්රික් ඉලිගියාස් පසු ගිය දිනක ගිනෙස් වාර්තා දෙකකට හිමිකම් කියූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මේ වන විට සම්මාන දෙසීයකට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන තිබේ.

මෙම ජිනෙස් වාර්තා වලින් එකක් හිමිව තිබෙන්නේ "බිල්බෝර්ඩ්" වැඩසටහනේ ලතින් සින්දු අතරින් වැඩි වාරයක් අංක එකේ කේවල නිර්මාණය ලෙස තේරී පත් වීම හේතුවෙනි.

1995 සිට 2015 දක්වා ගීත 26ක් ඔහු ගායනා කර ඇත.

දෙවැන්න හිමිව තිබෙන්නේ "හොට් ලතින් සෝන්ග්ස්" වැඩසටහනේ වැඩිම කාලයක් අංක එකේ ගීතය ලෙස රැදී සිටීම නිසාය. 2014 මැයි 17 සිට 2015 පෙබරවාරි 25 දක්වා සති 41ක කාලයක් අංක එකේ ගීතය ලෙස එන්රික්ගේ බයිලන්දෝ ගීතය රැදී තිබිණ.

 කුඩා කලදී ගිනස් වාර්තා පොත නිතර කියවීමට ඔහු ප්‍රිය කළ බවටත් එම නිසා අද මෙවන් වාර්තා තැබීම සතුටක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඔහු අන්තර්ජාතික සම්මාන 10ක් ද දිනාගෙන තිබේ.