ඉන්දියාව දිනක් ඇතුළත එන්නත් මාත්‍රා ලක්ෂ 86ක් ලබාදුන් බව එරට රජය සඳහන් කරයි.
ඉන්දියාව ඉකුත් පැය 24 දී (සඳුදා 21) එරට ජනතාවට එන්නත් මාත්‍රා 86,16,373ක් ලබා දී ඇති බවත් එය දිනක් ඇතුළත ලබාදුන් වැඩිම එන්නත් මාත්‍රා ප්‍රමාණය එය බව ද ඉන්දීය රජය කියයි.
එන්නත්කරණ පිළිබඳ මෙම වාර්තාගත දත්ත ඉතාමත් “සතුටුදායක” බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
“කොවිඩ්-19 වසංගතයට එරෙහිව අපට තිබෙන එකම ආයුධය එන්නතයි. එන්නත ලබාගත් සියලු දෙනාගේ මගේ සුබපැතුම්. ජනතාවට එන්නත් විදීමේ ක්‍රියාවලියට සම්බන්ධ වී සිටින සියලු මුල් පෙළ සෞඛ්‍ය සේවකයන්ට අපේ ප්‍රණාමය” යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ඉන්දියාව සඳුදා (21) වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන්ට එන්නත් ලබාදීම ආරම්භ කළේය.
එමෙන්ම ඉන්දියාව සිය එන්නත්කරණ ප්‍රතිපත්තිය ද වෙනස් කර ඇත. මීට පෙර ප්‍රාන්තවලට එන්නත්කරණ වැඩසටහන බාර දී තිබූ අතර එන්නත්කරණ වැඩසටහන මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
එන්නත් මාත්‍රා ලක්ෂ 86ක් දීලා