IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


එන්නත නොගන්නා අයට පිලිපීන ජනපති දෙහි කපයි

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීමට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමට මැලිවන පිලිපීන වැසියන් සම්බන්ධයෙන් පිලිපීන ජනාධිපති ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ දැඩි ආවේගයකින් අදහස් පළ කළේය.

පිලිපීන ජනාධිපතිවරයා මෙසේ ආවේගශීලීව අදහස් පළ කළේ මාධ්‍ය හමුවකදීය. මේ වනවිට පිලිපීනයේ කොරෝනා ආසාදිතයන් සහ මරණ ඉහළ ගොස් ඇති අතර එරට එන්නත්කරණය ඉතා මන්දගාමීව සිදුවෙයි. ඒ, එන්නත් නොමැතිවීම නිසා නොව, පිලිපීන වැසියන් එන්නත් ලබා ගැනීමට මැළිවිම නිසා යැයි සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ. පිලිපීන රජය ප්‍රමාණවත් තරම් එන්නත් මිලදී ගෙන ඇති බව පිලිපීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එන්නත් ලබා ගත් සියලු දෙනා නිවසින් එළියට යන විට එන්නත් කාඩ්පත රැගෙන යා යුතු බවත්, එන්නත් ලබා ගැනීමට මැළිවන පුද්ගලයන්ට නිවසින් යෑමට අවසර නොමැති බවත් ජනාධිපති ඩුටර්ටේ මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේය. එන්නත් නොගත් පුද්ගලයන් සිටිනවා නම්, ඔවුන් සිරගත කිරීමට හෝ බලහත්කාරයෙන් නිවෙස්වලට ගෙනිහින් දැමීමට පොලිසියටත් හමුදාවටත් තමන් උපදෙස් දී ඇති බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

'රජයක් විදියට අප අපේ වගකීම කරනවා. නොමිලේ එන්නතක් ලබා දෙනවා, ජනතාව ආරක්ෂා කරන්න. ඒත් දිනපතා ආසාදිතයන් ඉහළ යනවා. අප එන්නත් වැඩසටහන් කඩිනමින් ආරම්භ කළත් එන්නත් ප්‍රතික්ෂේප කරන පිරිසක් සිටිනවා. මා ඔවුන්ට කියනවා, එන්නත් ලබා ගන්න අකමැති නම්, කමක් නැහැ. මට මොකද? හැබැයි එන්නත් ලබා නොගෙන නිවෙස්වලින් පිටවෙන්න අවසර නැහැ. නිවසටම වෙලා හිටපල්ලා. එහෙම පුද්ගලයන් ආපසු නිවෙස්වලට යොමු කරන්න හෝ හිරේ දාන්න මා ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නා. එන්නත් ලබා ගන්න කැමැති අය එන්නත ලබා ගන්න. අකමැති අය කොරෝනා හැදිලා මැරුණත් මට කමක් නැහැ.' යැයි ජනාධපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

'කොවිඩ් 19' වසංගතයෙන් දරුණු ලෙස බැටකන ආසියානු රටක් ලෙස පිලිපීනය සැලකෙයි. පිලිපීනයෙන් වාර්තා වන සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 1,572,287 කි. සමස්ත මරණ වාර්තා වන්නේ 27,577 ක් ලෙසිනි. සුවය ලැබූවන් ගණන 1,488,437 කි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

එන්නත නොගන්නා අයට පිලිපීන ජනපති දෙහි කපයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 678 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2346 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1727 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site