IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


එන්නත් නොගන්න අය හිරේ දානවා

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව රජය නොමිලේ ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත් ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් සොයා මොහෙයුම් ආරම්භ කරන බවත් එම පුද්ගලයන් සිරභාරයට ගැනීමට කටයුතු කරන බවත් පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ කියයි

ආසියානු රටවල් අතරින් 'කොවිඩ්19' වයිරසයෙන් දරුණු ලෙස බැටකන රටක් ලෙස පිලිපීනය සැලකෙයි. පිලිපීනයෙන් වාර්තා වන සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන මිලියන 1.3 ක් වන අතර එරටින් වාර්තා වන සමස්ත මරණ 23,000 කි. දිනපතා ආසාදිතයන් සහ මරණ වැඩිවෙන බවත්, වයිරස ව්‍යාප්තිය පාලනය අසීරු වී ඇති බවත් පිලිපීන සෞඛ්‍ය අමත්‍යාංශය ජනාධිපතිවරයාට පවසා තිබේ.

'තීරණය ඔබේ අතේ. අප රජයක් විදියට අපේ යුතුකම් කරනවා. එන්නත් මිලදී ගෙන ඒවා නොමිලේ බෙදා දීමේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. හැමෝම එන්නත් ගන්න ඕනෑ. බෑ කියන්න බෑ. මේ වසංගතයෙන් මිදීමට එය කළ යුතුමයි. එන්නත නොගන්නා අයට කිසිදු සමාවක් නැහැ. අල්ලා හිරේ දානවා. තීරණය ඔබේ අතේ' යැයි රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ජනාධිපතිවරයා පැවැසීය.

'එන්නත බලෙන් දෙන්න අපේ තීරණයක් තිබුණේ නැහැ. ලෝකයේ කිසිම රටක් එහෙම එන්නත් බලෙන් දෙන්නේ නැහැ. ඒත් පිලිපීනයේ අප කවුරු කවුරුත් මේ වසංගතයෙන් මිදීමට කල්පනා කළ යුතුයි. එය සෑම පිලිපීන වැසියකුගේම වගකීමයි. ඒ වගකීම පැහැර හරින බව පේනවා. වයිරස ව්‍යාප්තිය අපේ පාලනයෙන් ගිලිහිලා. එන්නත ලබා ගන්න ජනතාවට බල කරන්න මට සිදුවන්නේ ඒ නිසයි.' යැයි ජාතිය ඇමැතූ අවස්ථාවේදී පිලිපීන ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

පසුගිය ජූනි 20 වැනිදා වනවට පිලිපීන සෞඛ්‍ය අංශ එන්නත් ලබා දී ඇත්තේ මිලියන 2.1 කට පමණි. පිලිපීනයේ එන්නත්කරණ වැඩසටහන ඉතා මන්දගාමීව සිදුවන්නේ, ජනතාව ඊට උනන්දුවක් නොදක්වන නිසා යැයි සෞඛ්‍ය අංශ චෝදනා කරයි. පිලිපීනයේ ජනගහනය මිලියන 110 ක් වන අතර, මෙම වසරේ මිලියන 70 කට එන්නත් ලබා දීම සෞඛ්‍ය අංශ ඉලක්කය වී ඇත.

පිලිපීන ජනාධිපති ඩුටර්ටේ, ඇමෙරිකාවට, අන්තර් ජාතික මානව හිමිකම් සුරැකීමේ සංවිධානවලට, අන්තර් ජාතික අපරාධ අධිකරණයට ප්‍රසිද්ධියේ අභියෝග කරන රාජ්‍ය නායකයෙකි. පිලිපීනයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දුටු තැන වෙඩි තබා මරා දැමීමට ද ජනපති ඩුටර්ටේ අණ දී තිබේ.

මැනිලා නුවරදීය (රොයිටර්)



අදහස් (0)

එන්නත් නොගන්න අය හිරේ දානවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site