‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමට, රිපබ්ලිකන් පාක්ෂිකයන් උනන්දු කිරීමට, ධුරයෙන් සමුගත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට හැකි නම්, ඇමෙරිකාවෙන් කොරෝනා තුරන් කිරීම පහසු වේවි යැයි වෛද්‍ය ඇන්තති ෆවුචි පවසයි.
ඇන්තනි ෆවුචි යනු ඇමෙරිකාවේ වසංගත රෝග පාලන විද්‍යායතනයේ ප්‍රධානියාය. ට්‍රම්ප් ආධාරකරුවන් බොහෝ දෙනකු එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇත්තේ, ට්‍රම්ප් එන්නත් සම්බන්ධයෙන් විශ්වාසයක් නොදක්වන බැවිනි.
වෛද්‍ය ෆවුචි පැහැදිලි කර ඇත්තේ, ට්‍රම්ප් සිය ආධාරකරුවන් දිරි ගන්වන්නේ නම්, ඔවුන් පැකිළීමකින් තොරව එන්නත ලබා ගනු ඇති බවය.
කෙසේ නමුත් ජනපති ධුරය අහිමි වී ධවල මන්දිරයෙන් පිටවී යද්දී, ට්‍රම්ප් සහ මෙලානියා රහසේ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත් බව ද මේ වනවිට අනාවරණය වී ඇත. තමන් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත් බව ට්‍රම්ප් කිසියක් පවසා නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd