ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත සියලුම කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් සකස් කරන ලද අසත්‍ය ප්‍රචාර ඇතුලත් වීඩියෝ පට සියල්ල ඉවත් කිරීමට කටයුතු කළ බව යූ ටියුබ් ආයතනය පවසයි.
ඒ අනුව කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් සකස් කරන ලද අසත්‍ය ප්‍රචාර ඇතුලත් වීඩියෝ පට එක් ලක්‍ෂ 30,000 ක් මේ වනවිටත් ඉවත් කර ඇති බවයි යූ ටියුබ් ආයතනය පෙන්වා දේ.
කොවිඩ් එන්නත් මගින් විවිධ අතුරු ආබාධ ඇති වන බවට වූ අන්තර්ගතයන් ඇතුළත් කර ගනිමින් වීඩියෝ රැසක් යූ ටියුබ් වෙත එක්කර තිබූ අතර එන්නත්කරණයට ජනතාව තුළ වූ උනන්දුව පහළ යාමට මෙය ද හේතුවක් වූ බවටයි විශ්ලේෂකයින් පෙන්වා දුන්නේය.
කොවිඩ් එන්නත ගැන අසත්‍ය වීඩියෝ එක් කරන යූ ටියුබ් ගිණුම් හිමියන්ගේ යූ ටියුබ් ගිණුම්ද අවලංගු කිරීමට අවධානය යොමු වී ඇති බව පවසයි.
කොවිඩ් 19 වයිරසය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව පනවා ඇති තහනම තවදුරටත් පුළුල් කිරීමට ද තම සමාගම තීරණය කර ඇති බව ඔවුන් සදහන් කර සිටී.
යූ ටියුබ් යනු ගූගල් සමාගම සතු ඇමරිකානු ඔන්ලයින් වීඩියෝ හුවමාරු කර ගැනීමේ සහ සමාජ මාධ්‍ය වේදිකාවකි. එය 2005 පෙබරවාරි මාසයේදී ස්ටීව් චෙන්, චැඩ් හර්ලි සහ ජාවෙඩ් කරීම් විසින් දියත් කරන ලදී. සෑම දිනකම පැය බිලියනයකට වඩා වැඩි වීඩියෝ ප්‍රමාණයක් නරඹන, මාසිකව බිලියනයකට අධික පරිශීලකයින් සංඛ්‍යාවක් සිටින එය වැඩියෙන්ම නැරඹූ දෙවන වෙබ් අඩවිය වේ.
(බී.බී.සී)
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එන්නත ගැන බොරු කී වීඩියෝ ඉවතට