
අනුමත කරන ලද එන්නත් මාත්‍රා නියමිත පරිදි ලබාගත්තත්, මුහුණු ආවරණ පැලඳීම සහ සමාජ දුරස්ථභාවය දිගටම පවත්වා ගැනීම කළ යුතු යැයි ඇමෙරිකාවේ වසංගත රෝග පාලනය සහ වළක්වා ගැනීමේ ආයතනය එරට වැසියන්ට උපදෙස් දී ඇත.
'ඔබ එන්නත් නියමිත පරිදි ලබා ගෙන තිබුණත්, ඔබ ජීවත් වන ප්‍රාන්තයේ හෝ නගරයේ හෝ කොරෝනා ආසාදිතයන්ගේ ඉහළ යෑමක් පෙන්නුම් කරන්නේ නම්, නිවසින් පිටතට යෑමේදී අනිවාර්යයෙන් මුහුණු ආවරණ පලඳින්න. එයින් ඔබේ ජීවිතය ආරක්ෂා වේවි. ඔබේ ආදරණීයයන්ගේ ජීවිත ආරක්ෂා වේවි' යැයි වසංගත රෝග පාලනය සහ වළක්වා ගැනීමේ ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මේ වනවිට ඇමෙරිකාවේ අවුරුදු 18 වැඩි, සියයට 70 කට 'කොවිඩ් 19' වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දී අවසන්ය. ඇමෙරිකානුවන්ට ලබා දෙන්නේ 'ෆයිසර්' සහ 'මොඩර්නා' යන එන්නත දෙක පමණි.
එන්නත්කරණ කටයුතු සාර්ථකව සිදුවුවත්, තවමත් 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ අතින් ලොව අංක එක ස්ථානයේ පසුවන්නේ ඇමෙරිකාවය. වේගවත් එන්නත්කරණය හේතුවෙන් වයිරස ව්‍යාප්තියේ පාලනයක් පසුගිය මාස කීපයේ දැකිය හැකි විය. ඒ අනුව, මුහුණු ආවරණ පැලඳීම සහ සමාජ දුරස්ථභාවය රැක ගැනීම ආදී සෞඛ්‍ය නීති ලිහිල් කෙරුණි.
මේ වනවිට ඇමෙරිකාවේ ආසාදිතයන් සහ මරණ යළිත් වරක් වැඩිවීමක් පෙන්නුම් කර තිබේ. ඒ ඩෙල්ටා විකෘති ප්‍රභේදය හේතුවෙනි. 'එන්නත් ගත්තත් නැතත් මුහුණු ආවරණ පැලඳ නිවසින් පිටතට යන්න. සමාජ දුරස්ථභාවය රැක ගන්න කටයුතු කරන්න. ඩෙල්ටා වයිරස විකෘතියෙන් ආරක්ෂා වීමට නම් ඔබ සැම එසේ කළ යුතුයි' යැයි ඇමෙරිකාවේ වසංගත රෝග පාලනය සහ වළක්වා ගැනීමේ ආයතනයේ ප්‍රධානී රොචෙල් වොලෙන්ස්කී වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
679
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2348
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1727
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එන්නත් ගත්තත් දිගටම ’මාස්ක්’ දාන්න