බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ විද්‍යායතනයක් වන ස්කොට්ලන්තයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලය බොලිවුඩ් සිනමාවේ සුපිරි තරුවක් වන ශා රුක් ඛාන් වෙත ගෞරව උපාධියක් ප්‍රධානය කර ඇත.
ඉංග්‍රීසි කතාකරන රටවල් සියල්ලගේම ඇති පැරණිම විශ්වවිද්‍යාල අතර හය වැන්න මේ සරසවියයි.
ශාරුක් ඛාන් කාලයක සිට ක්‍රියාත්මක කරන විශිෂ්ට මානවහිතවාදී සමාජ සේවාවන් මෙන්ම සිනමා නළුවෙකු ලෙස ඔහු ලබාගැනීමට සමත්ව ඇති ජනප්‍රියත්වය සලකා බලා මෙම ගෞරව උපාධිය ලබාදීමට තීරණය කල බව විශ්වවිද්‍යාල පාලක මණ්ඩලය පවසා ඇත.
ඛාන් වෙත උපාධිය පිරිනැමුවේ කුලපති ඈන් කුමරිය විසිනි. මෙවැනි සම්භාවනීය විද්‍යායතනයකින් උපාධියක් ලබාගැනීමට හැකිවීම ගෞරවයක් බව ඛාන් පැවසිය.ඔහු විශ්ව විද්‍යාල සිසුන් අමතා විශේෂ දේශනයක්ද කළේය.
මේවනවිට ශාරුක් ඛාන් හින්දි චිත්‍රපට 80 කට වැඩි ප්‍රමාණයක ප්‍රධාන චරිතය සඳහා පෙනිසිට ඇත.
පසුගියදා එඩින්බරා විශ්ව විද්‍යාලය ඉන්දියානු කේන්ද්‍රයක්ද ස්ථාපිත කළේය. මීට පෙර මෙම විශ්ව විද්‍යාලය විසින් ඉන්දියාවේ හිටපු ජනපති ආචාර්ය අබ්දුල් කලාම් වෙතද ගෞරව උපාධියක් පිරිනමා ඇත. එඩින්බරා විශ්වවිද්‍යාලය සහ ඉන්දියාව අතර ඇති සහ සම්බන්ධතාවය වසර 250 කටත් වඩා පැරණි බව කියවේ. ඉන්දියාවේ රසායන විද්‍යාවේ පියා ලෙස සැලකෙන ආචාර්ය චන්ද්‍රා රායි එහි පැරණිම උපාධිධරයින්ගෙන් කෙනෙකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ විශ්ව විද්‍යාලයකිනුත් එක්කෙනෙකුට ආචාර්ය උපාධියක් දුන්නා මතකයි. හැබැයි විෂය මොකක්ද කියලා මම දන්නේ නැහැ. (නි)
හින්දි සිනමාවේ බිහි වූ විශිෂ්ටතම නළුවා ශාරුක්. (ර)
ඉන්දියාවේ දැනට ඉන්න හොද නළුවෙක් තමයි. නමුත් අපේ විජය කුමාරතුංග යන් වගේ මානව හිතවාදී නැතුව ඇති.ශාරුක්ට ප්‍රේක්සකයෝ පෙන්න බැහැ.(අ)
අපේ ඉන්නේ නළුවෝ නෙමෙයි නළු බට්ටෝ. උපාධිය නැති වුනත් රට පාලනේට සුදුසු. (බ)
ශාරුක් ඛාන් කියන්නේ නිකම්ම නලුවෙක් විතරක් නොවේ.. ඉන්දියාවේ දුප්පත් මිනිස්සුන්ට සෑහෙන්න ආධාර කරන රාජ්‍ය නොවන සංවිධාන පවත්වාගෙන යන උතුම් මිනිසෙක්...(බ)
මේ නළුවා අඩු ගානේ තමන්ගේ රටේ නිදහස් දිනය දන්නවා ඇති. අපේ කට්ටිය ඒකවත් දන්නේ නැති තරම් ප්‍රතිභාපුර්නයි. (අ)
අපෙත් කට්ටියක් ඉන්නවා (නි)
අපේ අය අපේ රටේ අය මොකද මේ තරම් පහත් තත්වයකට දමන්න බලන්නේ. (අ)
අපේ මර්වින් සිල්වත් දුප්පත් අය වෙනුවෙන් ඉන්නා කෙනෙක් , උගත් කම කෙසේ වෙතත් ඔහුත් ගෞරව උපාධි ලබා , ආචාර්ය පට්ටමක් ගත් කෙනෙක් (බ)
ගස් අස්සේ නටනටා ඉන්න නළුවෝ මොකට පුම්බනවද.(බ)
මේ වගේ සුබ දවසකවත් සැලුන් ගිහින් නැනේ. එන්න අපේ රටින් ඔයාට බාහිර උපාධියක් දෙනවා. (බ)
මගේ සුබ පැතුම් (රේ)
අපි තවමත් ඉන්දීය අනුකරණය ඒ ආකාරයෙන්ම කරනවා. එයින් මිදී අපේම ක්‍රමයක් අනුගමනය කිරීම වෙනුවට, ඉන්දීය නළුවන් නිලියන් පිදීම, තව බොහෝ දේ කරනවා. දමා තිබෙන ප්‍රතිචාර වලින් එය මනාවට ඔප්පු වනවා. (ර)
උපාධි ප්‍රධානොත්සවයෙ හැටි. එන්නකෝ ලංකාවට උපාධි ප්‍රධානොත්සව බලන්න. (ර)
සුබ පැතුම් ඛාන්ට. දක්ෂ නළුවෙක්. (ර)
මොකක්ද දන්නේ නැහැ උපාධියේ විෂය? (නි)
ඔබට සුබ පැතුම්! (නි)
හත් දෙවියනේ උපාධියකට ගිය කලක් (බ)
මන් නම් ශරුක්කාන්ට කැමති නැහැ. (ර)
රුපවාහිනී වැඩසටහනක අපේ අලුත් තරුවකින් මාර්ටින් වික්‍රමසිංහ ගේ ඡායාරුපයක් පෙන්වා ඇහුව මෙහි ඉන්න අය අදුන ගන්න පුලුවනිද කියල. බැරි වුනා. (බ)
චන්න, ඔයාට අදද මේක හිතුනේ? මට නම් මේ වගේ විදේශ පුද්ගලයන්ගේ හපන්කම් බලන හැමවෙලේම හිතෙනවා. අපි ඔවුන් පහත් කරන්නේ නැහැ. ඒ වගේම අපේ අයත් දෙවැනිකොට සැළකියයුතු නැහැ (නි)
අර අපේ අහවල් අයියාට මොන විශ්ව විද්‍යාලයෙන් උපාධිය දෙයිද දන්නේ නැහැ නේද? (නි)
ඉන්දියාවට වැස්සත් අපේ කොටසක් ලංකාවේ ඉඳලා කුඩ ඉහළනවා. අපිට අපේ කියා ඉන්නා නළුවන් මෙයාට වඩා අපිට ලොකුයි (නි)
දැන් අපේ අය එඩින්බරෝ විශ්ව විද්‍යාලයත් තුට්ටු දෙකේ තැනක් කියලා කියාවිද දන්නෙ නැහැ (නි)
සූකිරි, එහෙම කියන්න එපා. ශාරුක් හොඳ උපාධියක් තියන කෙනෙක්. අපේ අය වගේ නෙමෙයි. අනික ගොඩක් රංගනය ගැන ඉගෙනගත්ත කෙනෙක්! (නි)
චන්න බුවනෙක, ඉහළ තත්වයකට දමලා කතා කරන්න පුලුවන්ද තමන්ගේ රටේ නිදහස් දිනය දන්නේ නැති අය කලාව විහිලුවට ලක්කරනකොට? (නි)
සන්තෝෂෙට රැවුලත් වවාගෙන ... (නි)