ඉතාලියේ සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනිකන්ද පිපිරීමට ඉතා ආසන්නයේ පවතී. මාස කිහිපයක සිට ටිකෙන් ටික විදාරණය වෙමින් තිබූ ගිනිකන්දේ විවරයෙන් මැග්මා ගිනි ගෙන බුබුළු දමමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විසූවියස් ගිනි කන්දට පමණක් දෙවැනි වන එට්නා සිසිලි දූපතේ කටානියා පළාතේ කටානියා හා මෙසී යන නගර දෙකට මැදිව පිහිටා ඇත. මුහුදු මට්ටමේ සිට අඩි 10,922 ක් උසැති ගිනි කන්ද 1669 දී පුපුරා යාමෙන් 20,000 ට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ද වාර්තා වේ. අප්‍රිකා භූතැටිය හා යුරෝ ඒසියා භූ තැටිය එකිනෙකට හමුවන මායිමේ මේ ගිනිකන්ද පිහිටා තිබෙන බව භූ විද්‍යාඥයෝ කියති.
පැතිර යන දැඩි උණුසුම හා කළු පැහැති උණුසුම් වාතය හේතුවෙන් ඉතාලියේ ඉතා කාර්යබහුල ගුවන්තොටුපොළක් වූ සිසිලි ගුවන්තොටුපොළ තාවකාලිකව වසා දමා ඇත. අඩි සිය ගණනක් උසට පැතිරී ඇති ඝන දුමාරය හේතුවෙන් ඒ ප්‍රදේශය හරහා ගුවන් ගමන් ද තාවකාලිකව නවතා දමා තිබේ.
ඉතාලි යුද හමුදාව හා සහන සේවක කණ්ඩායම් ලාව ගලා යාමට සුදුසු පරිදි අගල් කැපීමේ නිරතව සිටින අතර දැනටමත් පදිංචි කරුවන් ඉවත්කැර අවසන්ය. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ දැනටමත් ස්ථාන කිහිපයකින් ලාවා ගලා ඒම ආරම්භ වී ඇති බවයි.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එට්නා පුපුරයි
කුසුම් Sunday, 20 July 2014 08:30 AM
වසන්ත මහත්මයෝ, අපේ අය ලංකාව වගේ සුන්දර රටක් දාලා මේ වගේ රටවල් වලට යන්නේ, නිදහසින් පසු මේ දක්වා රට පාලනය කළ දේශපාලකයින් විසින් සිදුකළ මහා ප්‍රාතිහාර්යයන් වල ප්‍රතිඵල විදිහට තමයි. (නි)
යශෝධා Saturday, 19 July 2014 11:58 AM
මෙවැනි දරුණු ව්‍යසන කිසිවක් නැති අපේ රට ගිනි කන්දක් කර ඇත්තේ එදා මෙදා තුර සිටි දේශපාලකයින්මය. (නදී)
විජේබා Saturday, 19 July 2014 12:26 PM
"ළඟ ළඟ මරු එති පින් කර ගන්නේ. කුමටද කුසලට කම්මැලි වන්නේ. අපි ජීවත් වන්නේ ගිනි බෝලයක් උඩයි. සමතුලිතතාවය බිදෙන හැම මොහතකම භූමි කම්පාවක්, සුනාමියක්, ගිනි කඳු පිපිරීමක් වැනි දේ සිදුවිය හැකියි. විද්යාවෙන් මෙය කල් තියා දැන ගැනීමට පුලුවන්නම් ගොඩාක් ජීවිත බේරා ගැනීමට පුළුවන.(නදී)
වසන්ත Saturday, 19 July 2014 01:27 PM
අපේ අය ලංකාව වගේ සුන්දර රටක් අත ඇරලා මේ වගේ රටවලට යන්නේ මොකද මන්ද? (නදී)
කිර්තිරත්න Saturday, 19 July 2014 04:22 PM
ලංකාවේ දේශපාලුවන් රට පාලනය කරන හොඳකම (නදී)
සමන් Saturday, 19 July 2014 04:59 PM
ලංකාවේ මිනිසුන්ගේ ජීවන බර මේ ගිනිකදු වගේ තමයි (නදී)
පිටබැද්දර ජයා Sunday, 20 July 2014 04:07 AM
මේ ගිනි කන්දත් හරියටම කාන්තාවන් වගේ , ඈතට සුන්දරයි ලඟට ගියොත් විනාසයි. නැද්ද මම කියන්නේ (නදී)
විජේබා Saturday, 19 July 2014 06:45 AM
"ළඟ ළඟ මරු එති පින් කර ගන්නේ, කුමටද කුසලට කම්මැලි වන්නේ ??" අපි ජීවත් වන්නේ ගිනි බෝලයක් උඩයි. සමතුලිතතාවය බිදෙන හැම මොහතකම බූමි කම්පාවක්, සුනාමියක්, ගිනි කඳු පිපිරීමක් වැනි දේ සිදුවිය හැකියි. විද්යාවෙන් මෙය කල් තියා දැන ගැනීමට පුලුවන්නම් ගොඩාක් ජීවිත බේරා ගැනීමට පුළුවන. (නදී)
පිටබැද්දර ජයා Saturday, 19 July 2014 07:41 AM
මේ ගිනි කන්දත් හරියටම කාන්තා පක්ෂය වගෙයි , ඈතට සුන්දරයි ලං උනොත් විනාසයි. හා නැද්ද ? (නදී)
මාලි Saturday, 19 July 2014 08:04 AM
දෙවියන්වහන්සේගෙන් අහන්න ගිනිකදු මැව්වෙ ඇයි කියල. (අ)
සෑම් Saturday, 19 July 2014 09:05 AM
නවීන තාක්ෂනය, දියුණු සන්නිවේදන සහ ප්‍රවාහන පහසුකම් නිසා මේවගේ ස්වාභාවික අනතුරු වලින් වන හානිය අවම කර ගැනීමට හැකියාව ලැබී තියනවා. විසුවියස් ගිනිකන්ද පුපුරායාමෙන් පොම්පෙයි සහ හර්කියූලේනියම් වලට සිදුවූ අවාසානාවන්ත සිදුවීම නැවත සිදු නොවේවා කියා සිතමු. අප කුඩාකළ ඒ සිදුවීම පාදක කොට ගත් "ද ලාස්ට් ඩේස් ඔෆ් පොම්පෙයි" නවකතාව "දේවශාපය" ලෙස පරිවර්තනය කල අයි. එම් ආර්. ඒ. ඊරියගොල්ල ශූරීන් වැනි උගතුන් අධ්‍යාපන ඇමැතිකමට පත්වේවා කියා පතමි. (නදී)
නිශාන්ත Sunday, 20 July 2014 07:44 AM
මෙවැනි දරුණු ව්‍යසන කිසිවක් නැති අපේ රට ගිනි කන්දක් කර ඇත්තේ එදා මෙදා තුර සිටි දේශපාලකයින්මයි.(අ)