ඉතාලියේ සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනිකන්ද පිපිරීමට ඉතා ආසන්නයේ පවතී. මාස කිහිපයක සිට ටිකෙන් ටික විදාරණය වෙමින් තිබූ ගිනිකන්දේ විවරයෙන් මැග්මා ගිනි ගෙන බුබුළු දමමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විසූවියස් ගිනි කන්දට පමණක් දෙවැනි වන එට්නා සිසිලි දූපතේ කටානියා පළාතේ කටානියා හා මෙසී යන නගර දෙකට මැදිව පිහිටා ඇත. මුහුදු මට්ටමේ සිට අඩි 10,922 ක් උසැති ගිනි කන්ද 1669 දී පුපුරා යාමෙන් 20,000 ට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ද වාර්තා වේ. අප්‍රිකා භූතැටිය හා යුරෝ ඒසියා භූ තැටිය එකිනෙකට හමුවන මායිමේ මේ ගිනිකන්ද පිහිටා තිබෙන බව භූ විද්‍යාඥයෝ කියති.

පැතිර යන දැඩි උණුසුම හා කළු පැහැති උණුසුම් වාතය හේතුවෙන් ඉතාලියේ ඉතා කාර්යබහුල ගුවන්තොටුපොළක් වූ සිසිලි ගුවන්තොටුපොළ තාවකාලිකව වසා දමා ඇත. අඩි සිය ගණනක් උසට පැතිරී ඇති ඝන දුමාරය හේතුවෙන් ඒ ප්‍රදේශය හරහා ගුවන් ගමන් ද තාවකාලිකව නවතා දමා තිබේ.

ඉතාලි යුද හමුදාව හා සහන සේවක කණ්ඩායම් ලාව ගලා යාමට සුදුසු පරිදි අගල් කැපීමේ නිරතව සිටින අතර දැනටමත් පදිංචි කරුවන් ඉවත්කැර අවසන්ය. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ දැනටමත් ස්ථාන කිහිපයකින් ලාවා ගලා ඒම ආරම්භ වී ඇති බවයි.  

1405695601306_wps_24_SICILY_ITALY_JUNE_16_Moun

1405695615716_wps_27_SICILY_ITALY_JUNE_16_Moun

1405695631756_wps_31_SICILY_ITALY_JUNE_16_Moun

1405695630076_wps_30_SICILY_ITALY_JUNE_17_Moun

1405695596184_wps_23_SICILY_ITALY_JUNE_16_Moun

1405695608021_wps_26_SICILY_ITALY_JUNE_17_Moun

1405695629671_wps_29_SICILY_ITALY_JUNE_16_Moun

1405695604243_wps_25_SICILY_ITALY_JUNE_17_Moun