ලෝක එච් එස් බි සි බැංකුවේ ජේෂ්ඨ අධ්‍යක්ෂවරයකු ඇමෙරිකාවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොළ සිදුකරන ලද වංචාවකට අදාලව ඔහුට චෝදනා ගොනු කර තිබේ.
මාර්ක් ජොන්සන් නම් ඔහු එච්.එස්.බි.සි බැංකුවේ ලන්ඩන් හි ගෝලීය විදේශ විනිමය සහ මුදල් හුවමාරු පිළිබද ප්‍රධාන නිලධාරියා ලෙස කටයුතු කරයි. ඔහු නිව්යෝක් නුවර දී අත්අඩංගුවට ගෙන තිබේ. ඇමෙරිකාවේ බ්රුක්ලින් නුවර ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් එම ආයතනය අදහස් පළකිරීම ප්‍රතික්ෂේප කර තිබේ.
මිට පෙර ඇමරිකා අධිකරණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද පරීක්ෂණයකට අනුව ජාත්‍යන්තර මුල්‍ය වෙළදපොල වංචා සිදුකරන මුල්‍ය ආයතන හතරක් හෙළිදරව් විය. එම ආයතන හතරට චෝදනා ගොනු කරන ලදී. නමුත් එම ආයතන අතරේ එච්.එස්.බි.සි.අයතනය නොතිබිණි.
කෙසේවෙතත් ඇමෙරිකාව සහ එංගලන්තය විසින් විදේශ විනිම අනුපාත හැසිරවීමේ වරද මත දඩ නියම කෙරුණු මුල්‍ය ආයතන හය අතර එච්.එස්.බි.සි.ආයතනයද තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd