තමන්ට එච්.අයි.වී. ආසාදනය වී තිබෙන බව දැන දැනත් තවත් පුද්ගලයන්ට එච්.අයි.වී. ආසාදනය කිරීමට කටයුතු කළ පුද්ගලයකුට ඇමෙරිකාවේ අධිකරණයක් දැඩි සේ අවවාද කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තමන්ට එච්.අයි.වී.ආසාදනය වී ඇති බව දැනගත් පසු වසර හතරක කාලයක දී ඔහු තම ලිංගික සහකරුවන් අට දෙනකු එච්.අයි.වී. ආසාදනයට ලක්කැර ඇත.
උසාවිය නියෝගකැර ඇත්තේ මේ රෝගය ගැන උපදෙස් ලබාගෙන අනාගත ලිංගික හවුල්කරුවන් ආරක්ෂාකිරීමට කටයුතු නොකරන්නේ නම් දඩයකට යටත් කිරීමටත් සිරගතකිරීමටත් කටයුතු කරන බවයි.
ඇමෙරිකාවේ සෑම වරසකම පුද්ගලයින් 50,000 ක් පමණ පිරිසක් අලුතින් එච්.අයි.වී. ආසාදිතයන් බවට පත්වන බව එරට රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි. මේ රෝගය ආසාදිතයන් මිලියන 1.1කින් සියයට 16ක් පමණ තමන් එච්.අයි.වී. ආසාදිතයන් යැයි නොදනිති.
ඒඕ නැමැති මෙම පුද්ගලයා තමා එයිඅයිවී ආසාදිතයෙක් බව 2008 දී පරික්ෂණ මගින් තහවුරු වි ඇති අතර ඔහු විසින් 2010 – 2014 අතර කාලය තුල අවම වශයෙන් අටදෙනෙකුට වත් සමග ලිංගිකව එක්වී මෙම රෝගය බෝකර ඇති බව අධිකරණයට ඉදිරිපත් කරණ ලද වාර්තාවලට අනුව පෙන්වා දී තිබේ.
මෙම තැනැත්තා එච්අයිවී උපදේශණ වලට භාජනය කිරීමේදී සහ ආරක්ෂාකාරි ලිංගික ක්‍රියාවලියේ යෙදීම පිලිබඳව දැනුවත් කිරීමේදී පස්වරක් කලහකාරි ලෙස හැසිරි ඇති බව සීට්ල් ටයිම්ස් මාධ්‍ය වාර්තා කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු කිංග් ප්‍රාන්ත මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ 1993 දී වරක් පමණක් එච්අයිවී ආසාදිතයෙකුට එරෙහිව වලක්වාගැනීමේ හා නිවාරණ නියෝග ලබාගෙන ඇති බවයි.
සීට්ල්හි ප්‍රාන්ත මහජන සෞඛ්‍ය එච්අයිවී වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය මැතිව් ගෝල්ඩන් මාධ්‍යයට පවසා ඇත්තේ ලිංගික හැසිරීම අපරාධයක් බවට ඒත්තු ගැන්වීමට තමන් ක්‍රියා නොකරණ බව සහ මෙමගින් මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම තම වෑයම බවයි. එමෙන්ම සෑම කෙනෙක්ම මේ සම්බන්ධයෙන් සලකා කටයුතු කිරීම මෙම ඒඩ්ස් ආසාදිත පුද්ගලයා ද ඇතුලත්ව වැදගත් බව පෙන්වා දීමද තම අරමුණ බව ද හෙතෙම පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු අවවාද කිරීමෙන් පමණක් මුදාහැරීම හරිද? (නි)
තවත් මොන අවවාදද? (නි)