කාම්බෝජ වැසියන් සියයකට වැඩි පිරිසක් හිතාමතා එච්.අයි.වී. ආසාධිතයන් බවට පත්කළ හොර දොස්තරවරයකු වසර 25ක හිර දඬුවමක් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කාම්බෝජයේ පිටිසර ගමක වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ඔහු ලියාපදිංචි වෛද්‍යවරයකු නොවන බව අනාවරණය වී ඇත.
යෙම් ච්‍රෝයුම් නැමැති මෙම පුද්ගලයා කාම්බෝජයේ වයඹ දිග බැටම්බාන්ග් ප්‍රදේශයේ ජනතාවට එන්නත් කටු මගින් එච්.අයි.වී වෛරසය ඇතුල් කැර ඇතැයි අධිකරණයට වාර්තා කර තිබිණි.
නීත්‍යානුකූළ නොවන වෛද්‍යවරු කාම්බෝජයේ ග්‍රාමීය ප්‍රදේශවල රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ නිරතවන බවත් එය සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.
මෙම වෛද්‍යවරයා සිටි රොකර් නම් ගමේ පදිංචිකරුවන් ගේ එච්.අයි.වී. ආසාදන වාරතාව 2014 වර්ෂයේ දී නිකුත් වීමෙන් පසු මේ වෛද්‍යවරයා පිළිබඳ පරීක්ෂණ පැවැත්විණි.
කාම්බෝජයේ ඒඩ්ස් සමග ජීවත්වන්නන් 76,000ක් මේ වනවිට හඳුනාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. එරට ක්‍රියාත්මක වූ ඒඩ්ස් නිවාරණ වැඩසටහන් හේතුවෙන් මේ වනවිට වර්ෂයකට ඒඩ්ස් ආසාදනය වන්නන්ගේ ප්‍රමාණය පහත වැටී ඇතැයි ද එම සංවිධානය පෙන්වාදෙයි. 2005 දී වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව 2013 වර්ෂයේ දී වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව සියයට 67 කින් පහළ වැටී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd