දේශීය සහ විදේශීය එච්.අයි.වී වෛරසය ආසාදිතයන් 14,000 කට වැඩි පිරිසකගේ රහස් තොරතුරු සිංගප්පූරු අන්තර්ජාල පද්ධතියෙන් සොරකම් කර ඇති බව වාර්තා වේ.
 
එච්.අයි.වී  ආසාදිත සිංගප්පූරු ජාතිකයන් 5,400ක් සහ විදේශිකයන් 8,800  ක‍ගේ  2013 ජනවාරි දක්වා දත්ත මෙසේ අනාවරණය වී ඇත.
 
 මෙම රහස් තොරතුරු අතර  එච්.අයි.වී  ආසාදිතයන්ගේ නම, ලිපිනය, දුරකතන අංකය, හැදුනුම්පත් අංක, වෙනත් පෞද්ගලික තොරතුරු, වෛද්‍ය දත්ත ඇතුළත්වේ.
 
2008 වසරේ සිට සිංගප්පූරුවේ ජීවත් වූ 33 හැවිරිදි එක්සත් ජනපද පුරවැසියෙකු මෙම තොරතුරු සොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇත. 
 
 ගිය වර්ෂයේ සිංගප්පූරු අන්තර්ජාල පද්ධතියට එල්ල වූ සයිබර් ප්‍රහාරයකින් සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී හියන් ලුන්ග් මහතා ඇතුළු එච්.අයි.වී ආසාධිතයන්  මිලියන 1.5 කගේ තොරතුරු අනාවරණය විය. 
 
 
බීබීසී ඇසුරෙනි 
 (63226 )