පිළිකා රෝගීන්ගේ සුබසාධනය වෙනුවෙන් කැපවූ එංගලන්තයේ සංවිධානයක් විසින් අරමුදල් රැස්කිරීම සඳහා අපූරු ගිනස් වාර්තාවක් පිහිටුවනු ලැබීය.

එහිදී කාන්තා සහ පිරිමි 57 කින් යුත් කණ්ඩායමක් නිරුවතින් රෝලකෝස්ටරයක ගමන් කර ඇත.

එක්සත් රාජධානියේ නිව්කාසල්, එඩින්බරෝ, ස්වින්ඩන් ආදී බොහෝ ප්‍රදේශවලින් පැමිණි පිරිස් මේ සඳහා එක්ව සිටි අතර ඔවුහු බ්‍රිතාන්‍ය පවුම් 1000 කට වැඩි ප්‍රමාණයක් පිළිකා රෝගීන්ගේ සුබසාධනය වෙනුවෙන් එකතු කරගැනීමට සමත් වූහ.

මීට පෙර 2010 වසරේදී නිරුවතින් රෝලකෝස්ටරයක ගමන් කළ 102 නකු ලෝක වාර්තාවක් තබා තිබුණි.

එම අවස්ථාවට සහභාගීවූ ලුසී තෝමස් මාධ්‍ය හමුවේ පවසා සිටියේ අමුත්තන් ඉදිරියේ ඇඳුම් ඉවත් කිරීම චකිතයට කරුණක් වූ බවත් විශේෂයෙන්ම ලෝකයේම මාධ්‍ය ඉදිරියේ එයට මුහුණ දීමට සිදුවීම තමන්ට අසීරු අත්දැකීමක් වූ බවත්ය.

People-take-part-in-a-naked-roller-coaster-ride-re20151026ty-at-Adventure-Island-in-Southend-Essex People-take-part-in-a-naked-roller-coaster-ride-record20151026land-in-Southend-Essex-(1) Sophie-Bran-21-and-20151026Chelsy-Pryhe