මිහිපිට ජීවත් වන ධනවතුන්ටද ශ්‍රේණියක් ඇත්තේය. ඒ අනුව අකාරාදි පිළිවෙළට ලක්ෂපතියන් , කෝටිපතියන් , ප‍්‍රකෝටිපතියන් ආදි ලෙස ශ්‍රේණි ලැයිස්තුවේ සටහන්වී ඇත්තේය.

පසුගියදා එම ලැයිස්තුවට අළුත් සටහනක් එක් කළේය. ඊට අනුකූලව ලෝකයේ ප‍්‍රකෝටිපතියන් වැඩියෙන්ම ජීවත් වන නගරය ලැයිස්තු ගත කළේය.

 ඒ අනුව ලෝකයේ ප‍්‍රකෝටිපතියන් අතරින් වැඩි දෙනකු එනම් 72 දෙනෙකු ජීවත් වන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවරය . රුසියාවේ මොස්කව් නගරයේ 48 දෙනෙක් ද නිව්යෝර්ක් නගරයේ 43 දෙනෙක් ද  සැන්ප‍්‍රැන්සිස්කෝ හී හතලිස් දෙදනෙක් ද ලොස් ඇන්ජලීස් නගරයේ 38 දෙනෙක් ද ලෙස ජීවත්වෙති. මේ අනුව පවුම් කෝටි 3001 (රුපියල් කෝටි 65121.7 ) ධනවතුන්ගේ මුදල් ලන්ඩන් නුවර බැංකු වල එහා මෙහා සැරි සරති.