එංගලන්තය පැණි බීම ආශ්‍රිතව නව බදු නීතියක් කෙටුම්පත් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙමගින් තම රටේ තරබාරුකම ආශ්‍රිත රෝග නිරාකරණය කිරීමට හැකි වනු ඇතැයි ද කියති.

මේ වන විටත් බොහෝ පැණි බීම නිෂ්පාදන සමාගම් තම නිෂ්පාදන වල සීනී ප්‍රතිශතය අවම කිරීමට කටයුතු කරන බව වාර්තා වෙයි.

මිලිලීටර් 100කට සීනි ග්‍රැම් 05ක් භාවිත කරන පැණිබීම වලට සහ මිලිලීටර් 100කට සීනී ග්‍රෑම් 08ක් භාවිත කරන පැණිබීම වලට වශයෙන් කොටස් දෙකකට බදු අය කිරීමට බලාපොරොත්තු වන බව එරට රජය කියයි.

තරුණ පිරිස් පැණිබීම වැඩි වශයෙන් භාවිත කරන බව සමීක්ෂණයකින් හෙළි වී ඇත.රජයේ මෙම තීරණයට සෞඛ්‍ය සංවිධාන සහය පළ කරන බවත් මාධ්‍ය පවසයි.