
සිය විශාලතම එන්නත් වැඩසටහන සඳහා එංගලන්තය මේ වනවිට දැවැන්ත කණ්ඩායමක් නිර්මාණය කරමින් සිටින බව ‘ද ගාඩියන්’ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
නව කොරෝනා වයිරසය වැළැක්වීමේ එන්නත එරට ජනතාවට ලබාදීම සඳහා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය මෙලෙස හමුදාවක් සකස් කරමින් සිටින අතර ඊට විශ්‍රාමික වෛද්‍යවරුන්, හෙදියන් සහ භෞතික චිකිත්සකවරුන් එක් රැස් කරමින් සිටින බව පැවසේ.
නව කොරෝනා වයිරසයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති මිලියන 22කට අධික එරට වැඩිහිටියන්ට සහ ඉතිරි ජනගහනයට එන්නත ලබාදීමට එංගලන්තය සැලසුම් සකස් කර ඇත.
කොරෝනා වයිරසය මර්දනය සඳහා සංවර්ධනය කෙරෙමින් තිබෙන ප්‍රමුඛ එන්නත් දෙකක් වන ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම සහ ජර්මනියේ ‘බයෝ ඇන් ටෙක්’ සමාගම එක්ව සංවර්ධනය කෙරෙන එන්නත සහ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා සමාගම එක්ව සංවර්ධනය කරන එන්නත යන දෙක එංගලන්ත වැසියන්ට ලබාදීමට එරට ජාතික සෞඛ්‍ය සේවය සැලසුම් කර ඇතැයි ද වාර්තා වේ.
(රොයිටර්/‘ද ගාඩියන්’)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd