එංගලන්තයේ නිරිත හා වයඹ ප්‍රදේශ කිහිපයකට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වී තිබේ.මේ හේතුවෙන් මාර්ග රැසක් වසා දමා ඇති බවත් දුම්රිය ගමන් අත්හිටුවා ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

ඇන්ගස් කුනාටුව ආරම්භ වීමත් සමග මේ අයහපත් කාලගුණ තත්ත්වය ඇති වී ඇතැයි කාලගුණ දෙපාර්තුමේන්තුව පවසයි.

වේලස් හි ප්‍රදේශ කිහිපයකට ද අධික වර්ෂාපතනයක් හා දැඩි සුළං තත්ත්වයක් ඇති වී තිබෙන බව මාධ්‍ය පවසයි.තවත් ප්‍රදේශ 73කට ගංවතුර අවධානමක් නිකුත් කළ බව පරිසර ඒජන්සිය පවසයි.

කුනාටු තත්ත්වය හේතුවෙන් විදුලි රැහැන් කිහිපයකටද හානි සිදු වී ඇත.

f fdg Untitled-2s Untitled-2

(ඡායාරූප-පීඒ/බීබීසී)