එක්සත් රාජධානියේ අගමැති ඩේවිඩ් කැමරන් ඉල්ලා අස්වීමට තිරණය කිරීමෙන් පසු අගමැති ධුරයට සහ කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය වෙනුවෙන් පැවැත්වෙන මනාප පොරයේ අවසන් වටයට තෙරේසා මේ හා ඇන්ඩ්රියා ලීඩ්සම් තේරී පත්වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මිට පෙර එම ධුර වලට තරග කළ මයිකල් ගොව් දෙවැනි වටයෙන් ඉවත් වීමෙන් පසු කාන්තවෝ දෙදෙනෙක් පමණක් ධුරය තරගයේ සිටිති.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මනාප සලකා බැලු දෙවැනි වටයේදී තෙරේසා මේට මනාප 199ක්ද, ඇන්ඩ්රියා ලීඩ්සම්ට මනාප 84ක්ද, මයිකල් ගොව්ට මනාප 46ක්ද හිමිවිය.
අවසන් වටයේ ප්‍රතිපල සැප්තැම්බර් 09 වැනි දා නිකුත් වීමට නියමිතයි.
ඒ සදහා කොන්සර්වේටිව් පක්ෂයේ සාමාජිකයින් 150 000කගේ මනාප සලකා බැලෙනු ඇත. ජයග්‍රාහීකාව එංගලන්තයේ දෙවැනි අගමැතිනිය ලෙස දිවුරුම් දීමට නියමිතය.
එංගලන්තය තවදුරටත් යුරෝපා සංගමයේ රැදී සිටිය යුතුයැයි මතයේ සිටි ඩේවිඩ් කැමරන්ගේ මතය එරට පැවති ජනමත විවරණයෙන් පරාද වීමෙන් අනතුරුව ඔහු ඉල්ලා අස්වීමට තීරණය කළේය.
තෙරේසා එංගලන්තයේ ස්වදේශ ලේකම්වරිය ලෙස ද, ඇන්ඩ්රියා ලීඩ්සම් එරට බලශක්ති අමාත්‍යවරිය ලෙස ද කටයුතු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ඩවලු පටලවා නොගත්තොත් ඇති (බ)