IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


එක්සත් ජාතීන්ගේ මහ ලේකම් මාලි ප්‍රහාරය හෙළා දකි

මාලි රාජ්‍යයේදී සාම සාධක හමුදා ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

මාලි රාජ්‍යයේ සාම සාධක කටයුතුවල නිරත වෙමින් සිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවලට පසුගිය සිකුරාදා (25) ප්‍රහාරයක් එල්ල විය.

එම ප්‍රහාරයෙන් සාම සාධක කටයුතුවල නිරත වෙමින් සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන්වරයකු හා කෝප්‍රල්වරයකු මියගිය අතර තවත් හයදෙනෙක් තුවාල ලැබූහ. 

“ප්‍රහාරයෙන් මියගිය ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් වෙනුවෙන් මම කනගාටුව පළ කරමි. ඔවුන්ගේ පවුල්වලට ද කනගාටුව පළ කරන අතර  තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුව පතමි. 

ජාත්‍යන්තර නීතිය අනුව එක්සත් ජාතීන්ගේ සාම සාධක වෙත එල්ල වූ ප්‍රහාරය යුද අපරාධයක්. ඉක්මනින් විමර්ශන කර අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන වින්දිතයන්ට යුක්තිය ඉටු කළ යුතුයි. 

මෙවැනි ලැජ්ජා සහගත ප්‍රහාරවලින් එක්සත් ජාතීන්ගේ සාමය ස්ථාපිත කිරීමේ මෙහෙයුම් නැවැත්විය නොහැකියි. එමෙන්ම මෙවැනි බියගුළු ප්‍රහාරවලින් සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් මාලි රාජ්‍යයට සහ එරට ජනතාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබාදෙන සහයෝගය නැවැත්විය නොහැකියි”. 

055



අදහස් (0)

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් මාලි ප්‍රහාරය හෙළා දකි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1636 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 560 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 643 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site