සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ඉදිරිපත් කර ඇති ගිවිසුම ප්‍රතික්ෂේප කරන බව ඕස්ට්‍රේලියාව පවසයි. එක්සත් ජනපදය සහ යුරෝපීය රටවල් කිහිපයක් ද මෙම ගිවිසුම ප්‍රතික්ෂේප කර ඇත.
මෙම ගිවිසුම මඟින් සංක්‍රමණිකයන්ට නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණීමට පෙළඹවීමක් ඇති විය හැකි බව ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් විසින් නිවාස සහ විදේශ කටයුතු අමාත්‍යවරු සමඟ ඒකාබද්ධව නිකුත් කරන ලද ප්‍රකාශයේ සඳහන් වේ.
පෝලන්තය, ඕස්ට්‍රියාව හංගේරියාව සහ චෙක් ජනරජය යන රටවල් ද එම ගිවිසුම ප්‍රතික්ෂේප කරති.
මෙම ගිවිසුම දැනටමත් එක්සත් ජනපදයේ පරිපාලනය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේය.
63226

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd