නව වසර උදාවේදී ලෝකයට අනතුරු ඇඟවීම් කරන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අවධාරණය කරයි.
එකමුතුකමෙන් තොර පැවැත්මක් නැතැයි ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පෙන්වා දෙයි.
නව අවුරුදු උදාව වෙනුවෙන් සුබ පැතුම් එක් කිරීම වෙනුවෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා එම අනතුරු ඇඟවීම කළේය.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා තවදුරටත් මෙසේ කීය.
“ලොව පුරා සිටින දයාබර මිතුරනි. සුබ අලුත් අවුරුද්දක් වේවා. මින් වසරකට පෙර මා තනතුර භාරගන්නා විට 2017 වසර සාමකාමී වසරක් කිරීම සඳහා එකතු වන්නැයි මා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියා. අවාසනාවකට පසුගිය වසරේදී ලෝකය ගමන් කර ඇත්තේ විරුද්ධ අතටය. මේ 2018 නව වසර උදාවේ මම කිසිදු ඉල්ලීමක් කරන්නේ නැහැ. මම අනතුරු ඇඟවීමක් කරනවා.
ලොව පුරා ගැටුම් උග්‍ර වී තිබේ. අන්තරාදායක තත්ත්ව නිර්මාණය වී තිබෙනවා. අපටත් වඩා වේගයන් දේශගුණික විපර්යාස සිදුවෙනවා. සීතල යුද්ධයෙන් පසු අද වන විට න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීමේ අවදානමක් ගෝලීයව නිර්මාණය වී තිබේ. ලොව පුරා සෑම තැනකම පාහේ අසමානකම් දක්නට තිබෙනවා. අප ඇස් ඉදිරියේ භයානක සහ දරුණු අයුරින් මානව හිමිකම් උල්ලංඝණය වෙනවා.
වසර 2018 උදා වෙද්දි සියලු දෙනාගෙන් එකමුතු වන්නැයි මා ඉල්ලා සිටිනවා. ගැටුම් නිරාකරණය කර ගැනීමෙන් ලොව වඩාත් ආරක්ෂිත සහ සුරක්ෂිත කළ හැකි යැයි මා විශ්වාස කරනවා. වෛරය තුරන් කර බෙදා හදා ගැනීමෙන් වටිනාකම් ආරක්ෂා කර ගත හැකි යැයි මා විශ්වාස කරනවා. ලෝකය වඩාත් ආරක්ෂිත තැනක් කළ හැකි යැයි මා තරයේ විශ්වාස කරනවා. එහෙත් ඒ සඳහා අප සියලු දෙනා එකතු විය යුතුයි. සහයෝගයෙන් වැඩ කළ යුතුයි. වෙනස්කම් බෙදීම් අතර පාලම් ගොඩ නගමින් ජනතාව පොදු අරමුණක් වෙනුවෙන් මෙහෙයවමින් මිනිසුන් එකතු කරන්නැයි මා ලෝක නායකයන්ට අවධාරණය කරනවා. අපි අතර විශ්වාසය ගොඩනගන්නැයි මා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. අපට තිබෙන එකම මාර්ගය සමගියයි. අපේ අනාතය රඳා පවතින්නේ අපි අතර තිබෙන එකමුතුකම හා සමගිය මත” යැයි ද එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනිය ගුටරෙස් තවදුරටත් පැවැසීය.
055
2025 නොවැම්බර් මස 04
725
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1753
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එකමුතුකමෙන් තොර පැවැත්මක් නෑ - එජා මහ ලේකම්