ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බලයට පත්වී වසරක් සම්පුර්ණ වීමේ අවස්ථාව වෙනුවෙන් පසුගිය දොළොස් මාසය තුළ ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන හා සමාජ විපර්යාසයන් පිළිබඳව අදහස් දැක්වූ මහා බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ සභාපති හර්ෂ සිරිවර්ධන " පසුගිය වසරේ ජනවාරි 8 වනදින ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන වෙනස පසුබිම්ව එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයන්ගේ මුලිකත්වයෙන් බිහිවූ නව රජය මඟින් ශ්‍රී ලංකාවේ ජනතාවට අහිමිව තිබු ප්‍රජාත්‍රන්තවාදී අයිති වාසිකම් යලිත් තහවුරු කිරීමට හැකිවී තිබෙන බව පැවසුවේය.
එමෙන්ම සියලු ජාතින්හට එක්ව ජීවත්වීමේ සංහිඳියාව මෙම ආණ්ඩුව විසින් ආරම්භ කර ඇති අතර නිදහසේ තම අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව තහවුරු කර ඇති බවත්, සියලුම විදේශ රටවල් සමඟ සුහද තාවය වර්ධනය කරගනිමින් සියලුම ජාතීන්ගේ සමඟිය තහවුරු කරගනිමින් දුෂණය පිටුදකිමින් ජනතා අභිලාෂයන්ට අනුකුලව සංවර්ධන ක්‍රියාදාමයන් ගෙනයාම සඳහා 2016 සිට ආරම්භ කිරීමට යන ඉදිරි වැඩපිළිවෙලට පක්ෂ ජාති භේදයකින් තොරව සියලුමදෙනා සහයෝගය ලබාදිය යුතු බවත් ඔහු පැවසුවේය.
මේ අතර බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය වෙනුවෙන් අදහස් දක්වමින් එහි සභාපති ජනක අලහප්පෙරුම පැවසුවේ "ලංකාව එකම රටක් එකම ජාතියක් ලෙස ත්‍රස්තවාදයෙන්, බියෙන් සැකෙන් තොර නිදහස් නිවහල් රටක් ලෙස සියලුම ජන වර්ග වලට සතුටින් සාමයෙන් ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් ඇප කැපව සටන් වැදුණු තම සංගමය කිසි අවස්ථාවක පක්ෂ දේශපාලනයේ නිරත නොවුණු‘ බවයි.
සැමදා තම පැතුම වුයේ එකම රටක සියලුම ජනතාව සතුටින් සමගියෙන් සමාදානයෙන් සිටිනු දැකීම බවත් එය උදා කර දීමට වර්තමාන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති සහ රනිල් වික්‍රමසිංහ අගමැති ප්‍රමුඛ රජයට හැකි වේවායි ප්‍රර්ථනා කරන බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චාමර හරි (නි)
ලුලා නැති වලේ කණයා පණ්ඩිතයා කිව්වලු. (ම)
මහින්ද මහතාගේ නායකත්වයෙන් ලබාගත් සාමය අඛණ්ඩව ඉදිරියට ගෙනයාම පවතින ආණ්ඩුවේ වගකීමයි. පටු දේශපාලන වාසි කරා නොගොස් 30 වසරක ඔඩු දිවූ ජනවාර්ගික යුද්ධ නැවත ඇති නොවීම සදහා අප සැම වගකීමෙන් කටයුතු කළ යුතුයි. මිතුරු වෙසින් එන සතුරු බලවේග අවබෝද කරගැනීමට දේශපාලකයින්ට හා නායකයන්ට හැකිවේවා (හේ)
අනේ ඔවු හරියට සිරියාවේ මිනිස්සු වගේ සමගියෙන් ඉන්නවා.(හේ)
දැන් ඔබතුමා මොනවා කිවුවත් රට කුරිරු යුද්ධයෙන් බේරාගත්තේ කවුද කියන එක අපිට අමතක වෙලා නැහැ. (නි)