IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


එකට එක නොකරන බව පුටිං කියයි

ඇමෙරිකාව කළ ආකාරයෙන් තමන් ඇමෙරිකා තානාපති කාර්යාල නිලධාරීන් 35 දෙනකු  නෙරපීමට කටයුතු නොකරන බව රුසියා  ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කරයි.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී පරිගණක හැකර්වරුන් මැදිහත් වී ඩොනල්ඞ් ට්‍රම්ප් ජයග්‍රහණය කරවීමට රුසියාව හා එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් සෘජුවම මැදිහත් වූ බවට ඇමෙරිකා බුද්ධි අංශ නිලධාරීන් උපුටා දක්වමින් එරට පුවත් සේවා පසුගිය කාලය මුළුල්ලේ වාර්තා කළේය.

ඊට පියවරක් ලෙස සම්බාධක පනවන්නැයි ඇමෙරිකා සෙනට් මණ්ඩලය යෝජනා කළ අතර ඇමෙරිකා ජනාධිපතිවරයා ඊට ප්‍රථම ඇමෙරිකාවේ සිටි රුසියා  තානාපති කාර්යාල නිලධාරීන් 35 දෙනකුට පැය 72ක් ඇතුළත එරටින් පිටවන්නැයි නියෝග කළේය.

ඇමෙරිකාව එම පියවර ගැනීමත් සමඟ ඊට පළිගැනීමක් ලෙස රුසියාවේ සිටින ඇමෙරිකා නිලධාරීන් 35 දෙනකු එරටින් නෙරපිය යුතු යැයි විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් යෝජනා කර තිබිණි. එසේ වුවද ඉන් පසු ප්‍රකාශයක් කරමින් තමන් ඇමෙරිකා කළ දේ නොකරන බව රුසියානු ජනාධිපතිවරයා පැවැසීය. 

ඬේලිමේල් ඇසුරිනි



අදහස් (0)

එකට එක නොකරන බව පුටිං කියයි

අනුර Sunday, 01 January 2017 01:43 PM

බල්ලෝ මිනිසුන් හපා කෑවට, මිනිස්සු බල්ලන්ව හපා කන්නේ නැති බව පුටින් මහතා පෙන්වාදී තිබෙනවා. (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 31 December 2016 10:24 AM

එ්කට තව කල් තිබෙනවානේ, එහෙම නේද පුටින් මහත්තයා. චීනය ලවා ඉන්දියාවටයි රුසියාව ලවා අැමරිකාවටයි ගස්සන්න පුලුවන්නම් ඒ වගේ සතුටක් මට නැත. (නි)

:       0       0

සජී Saturday, 31 December 2016 12:42 PM

ලංකාදීපය නැත්නම් අපි මේ රට රටවල වෙන දේවල් කොහොම දැනගන්නද (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 31 December 2016 03:03 PM

පූටින් දන්නවා තව ටික දවසකින් ඔබාමා පැන්ෂන් යනවා. එතකොට ට්‍රම්ප් එක්ක කතා කරලා ඔය සම්බාදක ඔක්කොම ඉවත් කරගන්න පුළුවන්. දැන් එකට එක කරන්න ගියොත් වැඩේ ගොඩින් බේරාගන්න අමාරුයි. දැන් පුටින්ටත්,ට්‍රම්ප්ටත් යුරෝපෙටත්, ජපානයටත් තිබෙන ලොකුම ප්‍රශ්නය තමා ආර්ථික වශයෙන් යුධබලය පැත්තෙන් දිනෙන් දින නැඟීඑන චීනය සහ ත්‍රස්තවාදය. (නි)

:       0       0

ලාල් Friday, 30 December 2016 04:15 PM

ඔය කාගේත් බලය තියෙන්නේ තව ටික දවසයිනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 658 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2329 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site