විශ්වයේ භාෂාවන් පිළිබඳ ප‍්‍රංශය සිදුකළ පරීක්ෂණ වාර්තාවකට අනුව වර්තමාන ලෝකයේ ඇති භාෂාවන් පිළිබඳ අගනා දත්තයන් පේලි ගත කොට එළිදක්වා ඇත. ඒ අනුව දැනට භාෂාවන් 6000ක් පමණ ලෝකයේ භාවිතාවේ.
ඒ අතරින් භාෂාවන් 10ක් 20ක් අතර ප‍්‍රමාණයක් භාවිතා වන්නේ ඉතාමත්ම අල්ප වශයෙන් වන අතර වසරකට වරක් එම භාෂාවන් ද භාවිතයෙන් අතුරුදහන් වේ. නිව්ගිනියාවේ වැසියන් අතර භාෂාවන් 800 පමණ ඇති නමුදු භාවිතා වන්නේ ඉතාම අල්පයකි. ඇමසෝන් වනාන්තරය ආශ‍්‍රිත ජීවත් වන ජනයාගේ භාෂාවන්ද එසේමය. කතාව විනා ලිවීමක් එම භාෂාවන්ට ඇත්තේම නැත. එවැනි භාෂාවකට දීර්ඝ කාලයක් පැවැතීමේ හැකියාවක් නොමැත.
ඉහත වාර්තා වලට අනුව මළ භාෂාවන් ලෙස හඳුනාගත් භාෂාවන් ලෝකයේ බොහෝමයක් ඇත. උදාහරණ ලෙස දූපත් 17508 කින් සැදුණු ඉන්දුනීසියාවේ භාෂාවන් 722කි. නයිජීරියාවේ 500කි. ඉන්දියාවේ භාෂාවන් 400ක් පමණ ඇතත්භාවිතා වන්නේ 22ක් පමණය. මෙක්සිකෝ වල 297 කි. චීනයේ 295 කි. කොන්ගෝවේ 214 කි. කැමරූන් වල 279ක් (බාමූන්, ටිකාර්, බැන්කොන්, බනෙන්, එටොන්, එවොන්ඩෝ, ඩුආලා, බසා, යබාසි, ඞීබොම් ආදි ලෙස) ඇත්තේය.
එවැනි භාෂාවන්ගේ අතුරුදහන් වීමේ වේගය ඉහළය. මේ දක්වා හඳුනා නොගත් භාෂාවන් ඇමසන් වනාන්තර ආශ‍්‍රිතව සොයා ගැනීමටද හැකිවී තිබේ.
කෙසේ නමුදු ලෝක ජනගහනයෙන් 90%ක් වැසියෝ ප‍්‍රධාන භාෂාවන් සියයක් පමණ භාවිතා කරති. කියවීම, ලිවීම, සටහන් තැබීම ආදියෙන් ඉහත භාෂාවන් පෝෂණයවී ඇත්තේය. ලෝකයේ වැඩි දෙනෙක් කථා කරන භාෂාව ලෙස චීනයේ ප‍්‍රධාන භාෂාව වූ මැන්ඩරින් භාෂාව ප‍්‍රථම ස්ථානය හිමිකර ගන්නා අතරම එය 1.3 බිලියන් යැයි ගණනය කර ඇත්තේය. අනුපිළිවෙලින් ඉංග‍්‍රීසි භාෂාව 1.2 බිලියන්, ස්පාඤ්ඤ භාෂාව දශ ලක්ෂ 485, හින්දි භාෂාව දශ ලක්ෂ 450, හා ප‍්‍රංශ භාෂාව දශ ලක්ෂ 274ක් ලෙස ශ්‍රේණි ගත කොට ඇත්තේය.
නිතරම භාවිතා වන ප‍්‍රධාන භාෂා සියයකට අමතරව භාෂාවන් 5900ක් පමණ ඇත්තේ වී නමුදු එහි එක් භාෂාවක් අනුපාතයක් ලෙස භාවිතා වන්නේ 118 දෙනෙක් අතර බව ඉහත වාර්තාවන් වල සදහන්වේ. එම භාෂාවන් ඉතා වේගයෙන් අතුරුදහන්වීමේ ප්‍රවණතාවයක් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ලිපියක් (නි)
භාෂාව කොහොම ආරම්භ වුණාද කියලා තවම කවුරුවත් හොයාගෙන නැහැනේ (නි)
හොඳ ලිපියක් (නි)
හොඳ ලිපියක් (නි)
සිංහල භාෂාව නැතිවී යාම ස්ථිරයි. ඒක සතුටට කාරණයක් හෝ දුකට කාරණයක් නොවෙයි. අපි ගෝලීය ලෙස සිතිය යුතුයි. ඔය ලොකුම භාෂා පවා දිනෙන් දින වෙනස් වෙනවා. (නි)
මුලිම භාෂාව ඇතිවුයේ ගින්දර සොයාගත්තට පසු ගින්දර ගැන විස්තර කිරීමට බව පැවසෙනවා .ගින්දර එදා නව සොයාගැනීමක්(රේ).
අපේ රටේ වැඩ වන ආකාරයට නම් ;ඉදිරියේදී සිංහල භාෂාවත් අතුරුදහන් ගණයට අයත් වේවි (බ)
අතීතයේ මොනවා වුවද අපි අද ජීවත්වන වර්තමානයට හැඩගැසිය යුතුයි. (නි)
සිල්වා මහත්තයා අතීතයේ නෙමේ වර්තමානේ ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඔච්චර දුකනම් ඔයාගේ වසගමට හෙළ හෝ සින්හල නමක් දාගන්න. සිල්වා කියන්නේ පරදේසක්කාර නමක්. ..(රේ)
මම දැක තිබෙන අකුරු වලින් වඩාත්ම රවුම් අකාරයේ ලස්සන අකුරු තමයි සිංහල අකුරු. සමහරවිට පුස්කොළ වල ඉරි සහිත අකුරු ලිව්වොත් ඒවා ඉරෙන නිසාද දන්නෙ නැහැ අකුරු රවුම් වුණේ. දන්නා කෙනෙක් ඉන්නවා නම් විස්තර කරන්න. (නි)
සුනිල් මහතා අර්ථවත්, කාලෝචිත ඒ වගේම කෙටි හොඳ ලිපි ලියන්නෙක්. භාෂාවේ උපත ගැන උනන්දුවක් දැක්වූ බැබිලෝනියන් රජ කෙනෙක් බබෙක් ඉපදුන ගමන්ම මවගෙන් ඈත්කොට තබා මව් කිරි දී දරුවා වැඩෙනකොට පළමුවෙන්ම නගන ශබ්දය අහන්න සලස්වල තියෙනවා. ඒ බබාගෙන් පළමුවෙන්ම නැගී ඇති ශබ්දය "පාන්" යන වචනය වේ. පෘතුගීසි හා ස්පාඤ්ඤ භාෂාවලින් ද "පාන්" කියන්නේ "පාන්" වලටම තමා. ඒ අනුව ලෝකේ පැරණිම වචනය වී ඇත්තේ "පාන්" බව කියති. කොහොම නමුත් භාෂාවක් කියන්නේ දොරක් ඇර ගැනීමට ඇති යතුරක් පමණි. (බ)
පුවතින් දෙන තොරතුරද හරි ග්‍රැපික් සටහනද හරි? (අ)
සිල්වා මහතාගේ අදහස හරි. (ර)
සම්පත්, යන්නේ කොහෙද මල්ලේ පොල්. මාතෘකාවට අදාළව ඔබගේ අදහස් ඉදිපත් කරන්න, මෝඩකම ලෝකයට නොපෙන්වා. (නි)
හෙළ මගාදී භාෂාව ලෝකේ පැරණිම භාෂාව සහ බුදුන් වහන්සේ ධර්මය දෙශනා කර ඇතේ හෙළ මගාදී බසින් ! මුල්ම අකුරු නිර්මාණය වී ඇත්තේ මේ බසින්......(රේ)
ලෝකයේ මොන හාෂාව ගත්තත්, ලොකයේ ශක්තිමත් භාෂාව වන්නේ ශ්‍රී ලංකාවේ සිංහල භාෂාව බව මගේ හැඟීමයි. (නි)
මා මිත්‍ර සුනිල්ගේ තවත් හරබර එළිදරව්වක්. සිල්වා, ශුද්ධ මාගධී භාෂාව හුදෙක් දේශනයන් සඳහා භාවිතාවුවක් වන අතර අක්ෂර වලින් තොරවුවකි. බුද්ධ දේශනාවට අනුව මෙය ආභස්සර බ්‍රහ්ම ලෝකයේ සිට පැමිණි මිනිසාගේ ඇතිවීමේ සිට පැවතුන භාෂාවකි. (නි)
සෑම මනුෂ්‍යයෙක්ම තම ජීවිතයේ අත්දැකීම් ලබන්නට නම්, තම රට දේ සිරි සැප දේ කියලා තම මව්බිමේ සංස්කෘතියත් එක්ක තම මව්බිමේ ජීවත්වෙන්න ඕනෑ. (නි)
සුනිල් මහත්මයා දැනුම බෙදා දෙනවා .හොඳ පුණ්‍ය කර්මයක් . ඔබතුමාට ස්තුතියි ! (බ)
ලෝකය නිර්මාණය කළ දෙවියන් වහන්සේ බයිබලයේ උප්පත්තිය එකොළොස් වැනි පරිච්ඡේදය මේ ගැන සඳහන් කර ඇත...