
ජපානයේ අධිවේගී මාර්ගයක සිදුවූ රථවාහන අනතුරකින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 26 දෙනකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බවත් වාර්තා වේ. අනතුර සිදුවූයේ වාහන 56 ක් එක පෙළට හැපීමෙනි.
අනතුරත් සමඟ ගින්නක් ද හටගත් බව පැවැසෙයි. අනතුර සිදුවූයේ අධික මීදුම සහිත කාලගුණය හේතුවෙන් මාර්ගය අපැහැදිලි වූ බැවිනි.
අනතුරට ලක්වූ වාහන අතර මගී ප්‍රවාහන බස් රථ, ට්‍රක් රථ සහ කුඩා මෝටර් රථ කිහිපයක්ම වන බව ද පැවැසෙයි. අනතුරින් පසු මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකනං මේ බිමල් රත්නායකගේ, ප්‍රසන්න ගුණසේනගේ වැරැද්දක්. හරීයට ට්‍රැෆ්ෆික් එකක්වත් පාලනය කරගන්න බැහැ. කොටින්ම වැඩ බැ...
ජපානේ කෙසේ වෙතත් ලංකාවේ අධිවේගී මාර්ගයේ වාහන පදවන එක ඉතා පරිස්සමෙන් කරන්න ඕනේ..., බොහෝ රියැදුරන් තමන්ගේ මන්තීරුවේ වාහන ධාවනය නොකරන අතර සිග්නල් දැමීමෙන් හෝ පසුපසින් එන වාහන ගැන කිසිම තැකීමක් නොකර මන්තීරු මාරු කිරීම කරති. මෙය ඉතා අවධානම් දෙයක්...
ගම්මන්පිල මොනවා කියයිද මන්දා?