චීන යුවලවලට දරුවන් තිදෙනකු සදහා අවසරය ලැබෙන බව එරට රජය නිවේදනය කර තිබේ.
ලොව වැඩිම ජනගහනයක් ජීවත් වන රට වන්නේ චීනයයි.
චීනය මෙතෙක් කල් අවසර දී තිබුණේ දරුවන් දෙදෙනකුට පමණක් වන අතර එම ප්‍රතිපත්තියේ ප්‍රධාන වෙනසක් කරමින් මෙම පියවර ගෙන තිබේ. මෑතකාලීනව නිකුත් වූ දත්තවලට අනුව චීනයේ උපත් අනුපාතය පහළ ගොස් ඇත.
ජනගහනය පාලනය කිරීමේ අරමුණින් චීනය වසර ගණනාවක් එක් යුවලකට හැදීමට අවසර දී තිබුණේ එක් දරුවකු පමණි. චීනය 2016 වසරේ දී එම ප්‍රතිපත්තිය වෙනස් කළේය.
ආර්ථිකයට එල්ල වන අවදානම හා තර්ජනයත් එරට වැඩිහිටි ජනගහනය වැඩිවීමත් යන කරුණු මුල් කරගනිමින් චීනය එලෙස 2016 වසරේ දී එම ප්‍රතිපත්තිය වෙනස් කළේය.
ජීවන වියදම සහ ආර්ථික බලපෑම යන කරුණු හේතුවෙන් චීනය අපේක්ෂා කළ පරිදි එරටින් උපත් වර්ධනයක් සිදු නොවිණි.
චීනය මෙවර සිය ප්‍රතිපත්තිය වෙනස් කිරීමට අමතරව ඊට සහයෝගය දෙන ආකාරයේ ක්‍රියාමාර්ග රැසක් ද ගෙන ඇත. රටේ ජනගහන ව්‍යුහය වර්ධනය කිරීමේ අරමුණින් චීනය මෙම පියවර ගෙන තිබේ.
පවුල්වලට දැරීමට සිදුවන අධ්‍යාපන වියදම් අඩු කිරීම, නිවාස සම්බන්ධයෙන් බදු ක්‍රමය තුළින් සහාය ලබාදීම, ඉතා ඉහළ වියදමක් දැරීමට සිදුවන දෑවැදි ක්‍රමය වෙනස් කිරීම, රැකියා කරන කාන්තාවන්ට නෛතික සහාය යනාදිය මෙම ක්‍රියාමාර්ගවලට අයත් වේ.
එමෙන්ම විවාහය සහ ආදරය සම්බන්ධයෙන් තරුණ පිරිස්වලට අධ්‍යාපන හා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද නියමිතය. චීන බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ දශකයකට වරක් එරට සිදුකරන ජනගහන සංගණනය අනූව එරට ජනගහන වර්ධන වේගය අඩුවී ඇති බවට පෙනී යෑම හේතුවෙනි.
බීජීංහිදීය (රොයිටර්)
2025 නොවැම්බර් මස 04
694
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2364
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එක පවුලකට දරුවන් දෙදෙනයි: චීන නීතිය වෙනස් කරයි
Ratne Tuesday, 01 June 2021 05:29 PM
මුස්ලිම් ජාතිකයින් 100 බැගින් එක් එක් ප්‍රාන්තයකට ගෙන්වා ගැනීමෙන් ජනගහන වර්ධනය ක්ෂණිකව ලබා ගැනීමට හැකි වනු ඇත.
සිරිබිරිස් Wednesday, 02 June 2021 01:27 AM
ලෝකයේ විවිධ රටවල් අයිතිකර ගැනීමට සැලසුම් කරන මොවුන්ට ඒ රටවල පදිංචියටත් ජනතාව අවශ්‍ය ඇති...