චීනයේ ප්‍රාථමික මාසලකින් එක් 'කොවිඩ් 19' ආසාදිතයකු වාර්තාවීමත් සමඟ එම පාසල කඩිනමින් වසා දැමීමට සෞඛ්‍ය අංශ සහ බලධාරීහු පියවර ගත්හ.
ඒ සමඟ පාසලේ දරු දැරියන් කිහිප දෙනකු සහ ඔවුන් බාර ගුරුවරුන් පාසලේ කොටුවුණු බවත්, දරුවන්ගේ මාපියන් පාසල ඉදිරියේ කලහකාරීව හැසිරුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
දරුදැරියන්ට එදින රාත්‍රියේ ගත කිරීමට සිදුවූයේ ද පාසලේය.
පාසල තුළ සිරවුණු දරුවන් සහ ගුරුවරුන් කොරෝනා පරීක්ෂණවලට යොමු කරන තුරු ඔවුන් මුදා හැරීමට නොහැකි බව සෞඛ්‍ය අංශ පවසා තිබුණි.
මෙසේ පාසලේ සිරවුණේ අවුරුදු 7 ත් 12 ත් අතර වයසේ දරු දැරියන් පිරිසකි. දරුවන්ගේ මාපියන්ට උපදෙස් දී තිබුණේ දරුවන්ට රාත්‍රියට ඇදුම් රැගෙන එන ලෙසටය.
පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු දරුවන් 35 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන ගියේ යැයි චීන පුවත් සේවා වාර්තා කර ඇත. මේ වනවිට පාසල තාවකාලිකව වසා දමා ඇතැයි ද පැවැසෙයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd