ඇමෙරිකාවේ අධිකරණයක විභාගයට ගැනෙන ඝාතන නඩුවක සාක්ෂිකරුවකු වශයෙන් කතා කළ හැකි ගිරවකු යොදා ගැනීමට තීරණය කොට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නමුත්  එය ප්‍රයෝගික ද නැද්ද යන්න තවමත් ගැටලුවක් බව ද එම වාර්තාවල සඳහන්ය.

ස්වාමියා ඝාතනය කළැයි සැකපිට ග්ලෙනා ඩුරම් නම් කාන්තාවට විරුද්ධව එම නඩුව විභාග වෙයි.

එම ඝාතනය බඩ් නම් කතා කරන ගිරවා ඉදිරිපිට සිදුව ඇති අතර ඝාතනයට පෙර සිදුවූ වදන් ගිරවා නිතර කියන බව මිය ගිය පුද්ගලයාගේ පළමු බිරිද මෙන්ම මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් ද පොලිසියට දැනුම් දී තිබේ.

 කෙසේ නමුත් ගිරවෙකු අධිකරණයේ සාක්ෂිකරුවෙකු වශයෙන් නම් කිරීමට ඇති නීතිමය හැකියාව තවමත් තහවුරු වී නොමැත.