පසුගියදා සැමරුණු ගිනස් ලෝක වාර්තා පොතේ 60 වැනි සංවත්සර උත්සවයේදී ලොව උසම මිනිසා හා ලොව මිටිම මිනිසා එකිනෙකා හමුවූහ.

අඩි 8 යි අඟල් 1 ක් උස තුර්කි ජාතික සුල්තාන් කොසෙන් ඉදිරියේ අඟල් 21.5 ක් උස නේපාල ජාතික ඩන්ගි සිටින අයුරු කුඩා කළ නැරඹූ ගලිවර් චිත්‍රපටයේ ගලිවර් ඉදිරියේ ලිලිපුට්ටන් සිටි ආකාරය සිහිගැන්වීය.

ඔවුන් දෙදෙන මෙසේ හමුවූයේ ප්‍රථම වතාවටය.අතට අත දෙන්නට යෑමේදී සුල්තාන්ට බිමටම නැමෙන්නට  සිදුවූවත් එය ඔහුට ගණනක් නොවුනි.ලොව කුඩාම මිනිසා හමුවීමේ ආශාවෙන් තමන් පෙළුනු බව ඔහු කීය.

ඩන්ගි නම් වැඩි අදහස් පළ නොකළේය.මේ යෝධයා ඉදිරියේ ඔහු බියපත්ව සිටින බවත් පෙනුණි.

සුල්තාන් කොසෙල් ලොව උසම මිනිසා වීමේ ලෝක වාර්තාවට හිමිකම් කීවේ 2009 වසරේදීය.ඒ දක්වා ලෝකයේ උසම මිනිසාව සිටි අඩි 7 යි අගල් 8 ක් උස චීනයේ ෂි සුන්ග් ගේ කිරුළ ඔහු සතුකර ගත්තේය.

ලෝකයේ උසම මිනිසා වීමේ වාර්තාවට අමතරව ඔහු ලෝකයේ විශාලම දෙඅත් හිමි මිනිසාවීමේ වාර්තාවටද හිමිකම් කියයි.ඔහුගේ අතක මැණික් කටුවේ සිට මැදැගිල්ලට ඇති දුර අඟල් 11.22 කි.

නේපාල ජාතික චන්ද්‍රා බහදූර් ඩන්ගි 2012 වසරේ සිට ලෝකයේ මිටිම මිනිසා වීමේ වාර්තාව තමන් සතුකරගෙන සිටින්නෙකි.ඔහුගේ පවුලේ සාමාජිකයින් සියලූදෙනා සාමාන්‍ය උසක් ඇත්තවුන් වන අතර ඩන්ගිට පමණක් මෙසේ අස්වාභාවික මිටි බවක් ලැබුණේ ඇයිදැයි මේ දක්වාම පැහැදිලි කරගැනීමට හැකිව නොමැත.

1415872619504_wps_4_Chandra_Bahadur_Dandi_the 1415872640418_wps_8_Chandra_Bahadur_Dandi_the 1415872672865_Image_galleryImage_Chandra_Bahadur_Dandi_the 1415873042453_wps_10_Chandra_Bahadur_Dandi_the 1415873806355_Image_galleryImage_Mandatory_Credit_Photo_by