උල්කාශ්මයක් හිස මතට පතිත වීමෙන් පුද්ගලයකු ජිවිතක්ෂයට පත් වී ඇතැයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවෙ තමිල්නාඩු ප්‍රාන්තයේ වෙල්ලොර් ප්‍රදේශයෙන් එම සිද්ධිය වාර්තා විය.
මෙවැනි සිද්ධියක් වාර්තා වූයේ 1825 වසරෙන් පසුය.
මේ පිලිබද නාසා ආයතනය පරික්ෂණ ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තවත් තිදෙනෙක් තුවාල ලබූහ.
බස් රියදුරකු වන මිය ගිය පුද්ගලයාට රුපියල් ලක්ෂයක වන්දියක් පිරි නමන බව තමිල්නාඩු මහ ඇමිතිනි ජයලලිතා ජයරාම් මහත්මිය කියන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් පෙර කරනු ලැබූ කර්මයක ආනිසංස (නි)
උල්කාෂ්ම වැස්සක් වැටුනොත් කී දෙනෙක් මැරෙයි ද (බ)
පෙර කළ කර්මයෙන් ගැලවිය හැකි තැනක් , අහසේත් නැත ,මුහුදේත් නැත ,පර්වත කුහරයක් තුලත් නැත , කොටි හත්සියයෙන් එකෙක්ගේ හිස මතට පතිත වෙන්න මෙය කර්මයක්මයි. (භ)
අභ්‍යවකාශයේ එහාට මෙහාට ඉතා වේගයෙන් යන පාෂාණමය කොටස් අපි " උල්කාෂ්ම" ලෙස හඳුන්වනවා. අඟහරුත් බ්‍රහස්පතිත් අතර ඇති අැස්ටරොයිඩ් වලින් නිදහස් වන කුඩා කොටසුත් මෙලෙසම අභ්‍යවකාශයේ සැරිසරනවා. නිදැල්ලේ සැරිසරන මේවාට කෙලින්ම පෘථිවියට ඇතුල්වීමට බැහැ. ඒ සඳහා අවම වේගයක් අවශ්‍යය වෙනවා. ඒ සඳහා පැයට සැතපුම් 25 000 ක එහෙමත් නැතිනම් තත්පරයකට සැතපුම් 6 ක පමණ අවම වේගයක් එය ලබාගත යුතුයි. එමෙන්ම පෘථිවියේ වායු ගෝලයට ඇතුල්වන කෝණයත් බලපානවා. වැරදි කෝණයකින් ඇතුල්වෙන්න හැදුවොත් එයාව නැවත වරක් අභ්‍යවකාශයටම විසිවෙනවා. නිවැරදි කෝණයෙන් ඇතුල් වුනොත් පෘථිවියේ වායු ගෝලයට ඇතුල්වී එය රත්වෙනවා සෙන්ටිග්‍රේඩ් අංශක 3000 කට වඩා.වායු ගෝලයේ ඇති ඔක්ෂිජන් වලින් එය දැවී ලෝහ ඔක්සයිඩ හෙවත් අළු බවට පත්වෙනවා. (බ)
කලාතුරකින් ඒ කියන්නේ ඉතාමත්ම කලාතුරකින් " බාගෙට දැවුණු " උල්කාෂ්ම කොටසක් ගිනිගෙන පොලොවට පතිත වෙනවා.මේ අහිංසකයා මුහුණපා ඇත්තෙත් එවන් අවාසනාවන්තම එමෙන්ම විරලම දුක්බර ඉරණමකටයි. කෙසේ වෙතත් ඔබ අප සැමම සොබා ධර්මයේ නීතියට යටත්, එහෙත් අකීකරු පෘථිවි වැසියන් නොවයිද...? (බ)
වටිනා දෙයක්. ස්තූතියි! (බ)