
දින 16 ක් තිස්සේ ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ උමං මාර්ගයක් තුළ සිරවී සිටින කම්කරුවන් 41 දෙනා මුදා ගැනීම තවත් කල් යනු ඇතැයි දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි.
උමං මාර්ගයට සමාන්තරව, සිදුරක් විද එය හරහා සිරවුණු කම්කරුවන් එළියට ගැනීමට කටයුතු කරමින් තිබියදී සිදුර විදීමට යොදාගත් විදුම් යන්ත්‍රය හිටිහැටියේ අක්‍රිය වූ බව පැවැසෙයි. කම්කරුවන් මුදා ගැනීම ප්‍රමාද වී ඇත්තේ මේ නිසාය.
මේ අතර, උත්තරකාන්ද් ප්‍රාන්ත රජයේ ඉල්ලීම පරිදි, ඉන්දීය හමුදාවේ ද සහාය දිවි ගලවා ගැනීමේ කණ්ඩායම්වලට හිමිවන බව ද පැවැසෙයි. කෙළිනම පහළට සිදුරක් විද සිරවුණු කම්කරුවන් මුදා ගැනීම කෙරෙහි ද මේ වනවිට අවධානය යොමු වී ඇතැයි ද වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd