IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


උමං දුම්රියක් ජලයෙන් යටවී මගීහු මැදිරි තුළ සිරවෙති

මහ වැසි හේතුවෙන් මධ්‍යම චීනයේ ෂෙංෂූ නගරයේ උමං දුම්රිය මාර්ගයක් ජලයෙන් යටවුණු බවත්, එම උමං මාර්ගයේ ධාවනය වූ දුම්රියක සිටි මගීන් දුම්රිය මැදිරිවල සිරවුණු බවත් චීන මාධ්‍ය වාර්තා කළේය. දුම්රිය මැදිරිවල සිරවුණු පිරිස් බේරා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ කෙරුණි.

උමං දුම්රිය මාර්ගයට ජලය කාන්දු වී ඇත්තේ අනපේක්ෂිත අයුරිනි. ජලයෙන් දුම්රිය මාර්ගය පිරී යද්දී, ධාවනය වෙමින් පැවැති මගී දුම්රිය නවත්වා ගැනීමට එහි රියැදුරා සමත් වූ බව පැවැසෙයි.

දුම්රිය මැදිරි තුළට ද වතුර කාන්දු වී ඒවා පිරී යෑමට පටන් ගත් අතර, මගීන් බියටත් කම්පනයටත් පත් වී කෑ කෝ ගසන්න වූ බව චීන මාධ්‍ය වාර්තා කළේය. චීන මාධ්‍ය මෙම තොරතුරු වාර්තා කළේ දුම්රියේ සිටි මගීන් දුරකතන මාර්ගයෙන් උදවු ඉල්ලා පොලිසියටත්, ඔවුන්ගේ පවුල්වල අයටත් දුන් පණිවුඩ ඇසුරිනි.

මෙම අකරතැබ්බට මුහුණ පෑවේ මධ්‍යම චීනයේ හෙනාන් පළාතේ ෂෙංෂූ නගරයේ උමං දුම්රිය මාර්ගය භාවිතයට ගත් මගීන් පිරිසකි. සිරවුණු මගීන් පිරිස මුදා ගැනීමට සහන සේවකයන්ට, කාලය සමඟ සටන් කිරීමට සිදුවිය.

නොකඩවා ඇදහැලෙන මහ වැසි හේතුවෙන් හෙනාන් පළාතේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. ෂෙංෂූ නගරයෙන් හරි අඩක් පමණ සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ගොස් ඇතැයි ද පැවැසෙයි.

ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 12 ක් බවත්, දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බවත් වාර්තා වේ. වගාබිම් සියල්ලම පාහේ මුළුමනින්ම විනාශ වී ගොස් තිබේ.

කාලගුණ විද්‍යාඥයන් පවසා ඇත්තේ හෙනාන් පළාතට වාර්ෂිකව ලැබෙන වර්ෂාව දින 3 ක් ඇතුළත ලැබී ඇති බවය. මීට පෙර මේ අයුරින් හෙනාන් පළාතේ වැසියන් අධික වර්ෂාව සහ ජල ගැලීම් නිසා පිඩාවට පත්වී ඇත්තේ මීට වසර 60 කට පෙරය.

(රොයිටර්)



අදහස් (0)

උමං දුම්රියක් ජලයෙන් යටවී මගීහු මැදිරි තුළ සිරවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site