ඉන්දියාවේ කෝටිපති රෙදි පිළි ව්‍යාපාරික පන්කාජ් පරාක් සිය 45 වැනි උපන් දිනය සැමැරුවේ තනි රත්තරනින් නිර්මාණය කරන ලද කිලෝ හතරක් බරැති කමිසයකින් සැරසෙමිනි.
පන්කාජ් පරාක් මූලික අධ්‍යාපනය ලැබුවත් කිසිදු විභාගයක් සමත් වූයේ නැත. එහෙයින් ඔහුට උසස් අධ්‍යාපනයට වරම් නොලැබුණි. ස්වෝත්සාහයෙන් නැගී සිටිමින් පන්කාජ් පරාක්, සුළුවෙන් ආරම්භ කළ රෙදි පිළි ව්‍යාපාරය අද ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ රෙදි පිළි සමාගමක් බවට පත් වී ඇති අතර, කෝටි ගණනින් ලාබ ලබයි.
තමාටත් තම ව්‍යාපාරයටත් ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබා ගැනීමේ ද අරමුණින්, තමා උපන්දිනය දා රනින් තැනූ කමිසයක් ඇඳීමට තීරණය කළේ යැයි පන්කාජ් පරාක් මාධ්‍ය හමුවේ කියා සිටියේය. කෙසේ නමුත් උපන්දිනය දා ඔහු එහෙමෙහෙ ගියේ හැඩිදැඩි ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනකු ද පිරිවරා ගනිමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම හරි සතුටුයි මේ මනුස්සය ගැන..තමන්ගේ උත්සාහයෙන් නැගිට්ට කෙනක් අපි සතුටු වෙමු...(දී)
රත්තරනින් කලිසමකුත් මහලා ඇඳගත්තනම් මිනිහ තවත් රනින් බැබලෙයි, (දී)
එයා අනුවණ මිනිහෙක් කියල කියන්නේ කොහොමද? කාන්තාවන් රත්තරන් පොරවාගෙන බස්වල, පාරේ තනියෙම යනකොට අනුවණ ගෑණු කියලා කිව්වොත් මොකද කියන්නේ? (නි)
රෙදිපිළි සමාගමක් අයිති මනුස්සයෙක්නේ.මොන ඇඳුමක් ඇඳගෙන ආවහම අපිට මොකද? (නි)
ධනවත් අනුවණයෙක් (දී)
බන්දුල, ඔය කැම්පස් ගියේ නෑ නේද, කෝ ඔයාගේ රන් කමිසේ (දී)
මේ වගේ දේවල් බලල අපේ අයත් අනේ මන්දන්නේ නැහැ (දී)
දැන් ඔය කමිසේ පරිස්සම් කරන්නත් වෙනවා. එක අතකට මිනිසුන්ට කිහිප එනෙකුට හරි රැකියා ලැබෙනවා. එයට ප්‍රසිධිය ලැබෙනවා. තමන්ගේ මහන්සියෙන් හම්බකළ මුදල් නිසා එයාගේ හිතට හොදයි කියල හිතෙන සැප එය ගන්නවා . කාටවත් කරදරකරන්නේ නැතුව; හිංසා කරන්නේ නැතුව. ඒක අපි අගය කල යුතුයි.(දී)
ඕකම මෙහෙ කට්ටියත් කරයි ඔන්න බලන්නකෝ (දී)
ඔහුට සුභ පතනවා (දී)
සල්ලි... සල්ලි......... සල්ලි බලේ (දී)
කව්රු මේකට වැරදි විදියට ප්‍රතිචාර දක්වනවානම් ඔහු නොම්බර 1 ඉරිසියකාරයෙක්.... වැඩකට නැති මෝඩයෙක්... මේක අගය කරන්න ඕනේ කරුණක්... තමාගේ අතින් සෙවන ලබන මෙම දැවැන්තයා ගැන.... එහෙම කරන්න බැරි හින්දා තමා මේ මනුස්සයට බනින්නේ.... මේක කියවන අපේ නිකමෝ ටික වැඩක් කරන්න බැරිනම් ඔය බැනලා අදහස් දාපු අය මේක අගයවත් කරන්න ඇත්තටම මේ මනුස්සය ගැන අපි සතුටු වෙන්න ඕනේ...... (දී)
මට බැහැ උනා කියලා පුළුවන් එකාට ගරහල වැඩක් නැහැනේ (දී)
මෙතන අදහස් දක්වා තියෙන සමහරු තමයි අනුවණ. ප්‍රවෘත්තිය හරියට කියවලාවත් නැතුව අදහස් දක්වා තියෙන්නේ. ඒ මනුස්සයා රත්තරන් කමිසයක් ඇඳලා යන්නේ තනියම නෙමෙයිනේ. (නි)
"ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත" කියන කියමන සනාථ කරමින් තමන්ගේ දක්ෂතා ප්‍රගුණ කර ගනිමින් තමන්ටත් ලෝකෙටත් වැඩදායක පුරවැසියෙක් ලෙස ජීවත්වීමට හැකියැයි ලොවට පෙන්වූ දිරිය සම්පන්න මහත්මයෙක්. එත්, පින්තුරේ දැක්කම නම් මට මතක් උනේ අපේ ප්‍රාදේශීය සභාවල මැස්සන්ගේනුයි, මදුරුවන්ගේනුයි පමණක් තර්ජනයක් තිබෙන මහත්තුරු මේ වගේ දෙතුන් ගුණයක් ආරක්ෂකයින් පිරිවරාගෙන ගමන් කරන ආකාරය. සමහර විට එයාලගේ මුළු ශරීරයේම තියෙන්නේ රත්තරන් කියල හිතාගෙනද දන්නේ නැහැ. (දී)
උත්සාහයෙන් තොරවූ ජයග්‍රහණයක් නැත (නි)
කොහේ නමුත් අගේ කලයුතු මනුස්සයෙක්. (බන්දුල පෙරේරා මහත්තයාටත් පොඩි සතුටක් ලැබිල තියෙනවා තම වර්ගයාගේ කෙනෙක් ඉහලට ගිහින් ඉන්නවා දෙකකම) (දී)
මට කැම්පස් යන්න බැරි වුන නිසා කැම්පස් යන අය ගැන හිතේ පොඩි හීනමානයක් තියෙනවා. එක නිසා සමහර වෙලාවට මම මොලේ නැති අදහස් මෙතනට දානවා. ඒ ගැන මට සමාවෙන්න.. (දී)
කමිසය රන්, හදවත රන් ද කියල ලිව්වනම් මමත් ඔහුට උපන්දිනේට සුබ පතනවා.. (දී)
මේ මනුස්සයා කරදේ වැරැද්දක් නැහැ. දකින දකින හැමදේම විවේචනය කිරීම පුරුද්දක් වෙලා. තමංගෙ සල්ලි නම් ප්‍රසිද්ධියක් ලබා ගැනීමේ ද අරමුණින් මෙහෙම දෙයක් කලහම මෙනව වෙනවද? ඒ වගේම ගොසිප් එකක් නිසා කීදෙනෙක් නම් බඩවියත රැක ගනීද? (දී)
රත්තරනින් ..රන් ..වළලු බඳින්නයි !රතරනින් ..රන් සේද.. අඳින්නයි !කටුනායක ගුවන් තොටේදී දිනපතා මාට්ටු වෙන්නේ මේ වැඩ වලට අදින බඩු තමා ඉතින් !(අ)
මේ වගේ මොලේ නැති දේ කරන්න ඉන්දියාවේ මිනිස්සු හරි කැමතියි (අ)
උත්සාහයෙන් ගොඩ ආ මිනිහෙක් (නි)
ඇත්තටම අනුවන මිනිහෙක් (දී)
මේ රට කන්නවෙලක් වත් නැති රටක්නේ (දී)
ඉන්දියාවේ ඉන්නේ ලෝකයේ කොහෙවත් නැති අමුතුම වර්ගයක් (නි)
මේ වගේ කමිසයක් මටත් අඳින්න ඇත්නම්... (නි)
අනුන්ගේ දේ කඩා වඩා නොගෙන තමාගේ ස්වෝත්සාහයෙන් ලබාගත් දෙයින් ඒ මනුස්සයා ජීවිතය විඳිනවා. අපි ඒ දිහා බලා සතුටුවෙමු. ඇයි මේ අවලාද? (නි)
ඔය වගේ අය අපේ රටෙත් ඉන්නවා. (නි)
සමන්ත, ඔයා ඊර්ෂ්‍යාවේ නේද ඉන්නේ? (නි)
ලංකාවේත් සමහර කපු මහත්තුරු අඳිනවානේ (නි)
මෙව්වා අප රටේ කෙනෙකු කලානම් අනිවාරයෙන්ම අපේ දේශපාලන වේදිකාවලදී, මේකත් අපේ ඒක පුද්ගල සංවර්ධනය හේතුවෙන් වෙච්ච දෙයක් කියා පම්පෝරි ගහයි. (දී)
අනේ ඇත්තමයි සමන්ත, එහෙත් එයාලා කරන මේ වගේ සෝබන වැඩ අපේ බොහෝ අය අනුකරණය කරන්නේ හරියට හින්දි චිත්‍රපටි වල වගේ. (නි)
ඔහුගේ උස්සහයෙන් හම්බ කල දේ , වරදක් නැත (දී)
උගත්කම නැති එකේ පලවිපාක මේවා තමා (නි)
ඉතින් මොකද වෙන්නේ. තමන්ගේ මට්ටම් තම්මට්ටම් කිව්වලු. ඔය ඇදුමට වියදම් කරපු මුදල් දුප්පත් මිනිසුන් වෙනුවෙනුත් යොදවන්න තිබුනා තමයි, හැබැයි ඒක මේ මනුස්සයාගේ තීරණයක්.අපි නිකන් බොරුවට කෑ ගහලා වැඩක් නෑ. (දී)
මෙහෙ ඇන්ඳා නම් කොහොමට තියෙයිද? (නි)
මෝඩකමට බෙහෙත් නැහැ කියලා කතාවක් තියෙනවානේ! (නි)
ඉන්දියාවේ ඉන්න අයට වැසිකිලි හදා දෙන්න පුළුවන්නේ මේ මුදලින්, ඊරිසියාවට නෙමේ මේ කිව්වේ. (අ)
ඉන්දියාවේ කරන්නේ ලෝකයේ කොහෙවත් නොකරන ඒවා.මොකද හේතුව, " දේශයේ හැටියට කිව්වලු බාසේ " . (නි)
මෙයානම් කැම්පස් ගිය කෙනෙක්ද කොහෙද? ඒක තමයි මගේ කතාවට මෙච්චර හිත අමාරු කරගෙන තියෙන්නේ.(අ)
ඉතින් ඔයාලත් හම්බකරලා හදාගෙන ඇදගෙන යන්න. අපිට ගානක් නෑ. (අ)
ඔයිට වඩා ලංකාවේ ඉන්න සමහර ඇමතිවරුන්ගෙ ළමයි ජොබ් නොකර මෙහෙ පදින වාහන කෝටි ගණන් අපිට බදු එයාලට සැප ඉතින් එහෙම එකේ අර මනුස්සයා රත්තරන් වලින් මොනවා කලත් කාටවත්ම ණය නැති මිනිහෙක් එයා . ඉතින් අපි එයාව ආදර්ශයට ගමු විවේචනය කරන්නෙ නැතුව ඔය විවේචනය කරන අය තමයි අනුන්ට හොඳක් වෙනවට අකමැතිම අය.(අ)
කමිසය ලස්සනයි නේද? (නි)
ඉන්දියාවේ ඉන්න මිලියන 150 කට වැඩ මිනිස්සු එදා වේල හොයා ගන්න බැරිව ජීවිතය යුද්ධයක් කරගෙන ඉන්නේ. මේ මෝඩ මිනිස්සුම මේ වගේ බොරු සෝබන වැඩ බලන්නේ විසිල් ගහ ගහ. චිත්‍රපටියකින් මෝඩ විනෝදයක් ගන්නවා වගේ. (අ)
ඔන්න උස්සන්ඩ ඕන පොරක්. අපරාදේ අර පොඩි පුතාව උස්සන් ගියේ (නදී)
පාසල් අධ්‍යාපනය කියන්නේ විහිළුවක් .. විශේෂයෙන්ම ලංකාවේ..පේනවනේ ප්‍රශ්න පත්තර අවුල් ..(අ)
අපේ ලංකාවේ අයගේ වැඩේ අනුන්ට ඉර්සියා කරන එකනේ. ඔය මනුස්සය කරන්නේ තමන්ගේ වියාපාර දියුණු කර ගැනීමට කරනා එක උපක් ක්‍රමයක්. එය බලා අපිත් හැදෙන්ඩ උත්සහ කරන්ඩ බලමු. (නදී)
මේවා ලෝකයේ ඕන තරම් වෙන දේවල් (අ)
මේ අදහස් වලින් එක දෙයක් පැහැදිලි වෙනවා. අපේ සමහරු හරි කුහකයි. උත්සහවන්තයා ජය ගනී කියන්නේ ඕකට තමයි (නදී)
මම මේ කල්පනා කලේ අර අපේ කැම්පස් ගියාම ජිවිතේ සම්පුර්ණයි, තමන් සියල්ල දත් කියල හිතන් ඉන්න අය කොච්චර මේ මනුස්සය යටතේ පඩියට වැඩ කරනවා ඇතිද කියලා. වාසනාවට මේ මනුස්සය වැස්සකටවත් කැම්පස් නොගියේ. (නදී)
මේ වගේ ගොන් වැඩක් අපේ රටේ කවුරු කරයි ද දන්නේ නෑ මෙයාලට වැඩිය අපේ රටේ හරක් වැඩි . (අ)
ඔය මිනිහා හෙළුවෙන් ගියත් අපිට මොකෝ එයාට හොදනම් (දී)
මේ වගේ මැට්ටෝ ඉන්නේ ඉන්දියාවේම තමයි (නදී)
මේ වගේ ඒවා ඉතින් කාඩ් එක දාගන්නනේ කරන්නේ. (නදී)
බොඩිගාඩ්ල ඉන්න හින්දා ප්‍රශ්නයක් නැහැ.කෝ එත් මේ ෆිල්ම්වල වගේ වෙපන්. නැහැනේ. (නදී)
බමුණු, ඒයාට මැට්ටා කියන්න එපා. පවු. දුප්පත්කම ජයගත් දිරිය පුත්‍රයෙක්නේ. එයාගේ ආසාවනේ ඒක. (නදී)
මේව දකිද්දී කන්න නැතුව මිනිස්සු ඉන්නවා කියලා මතක් වෙන අය, ගිහින් හම්බ කරල ඒ අයට කන්න දුන්නානම් හරි (අ)
කොස්වත්ත, සිංහලයා ආවෙත් ඉන්දියාවෙන්. හරිද? කොහෙවත් නැති ජාතියක් කොහෙද ඉන්දියාවේ ඉන්නේ. අනික ඇයි අපේ රටෙත් ඔය වගේ ලොක්කෝ ඉන්නේ ඕනෑතරම්. (නි)