තමන් දූෂණය කරනු ලැබූයේ මෙට්ටය මත නිදාසිටියදී බව කියමින් අධ්‍යයන කාලය පුරාවට යන යන තැන මෙට්ටයක් රැගෙන ගිය ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක පසුගියදා පැවැත්වුණු ඇයගේ උපාධි ප‍්‍රධානෝත්සවයේදී තමන්ගේ උපාධිය ලබාගැනීමට ගොඩවූයේද ඒ මෙට්ටය රැගෙනය.
ඇයව දූෂණය කළ බවට චෝදනා ලැබ සිටින සිසුවාද එම උපාධි ප‍්‍රධානෝත්සවයට සහභාගීව සිටියේය. පොලිස් වාර්තා වලට අනුව පෝල් නුන්ගෙසර් නම් වන මෙම සිසුවා ඇයව දූෂණය කර ඇති බව සනාථ කිරීමට සාක්ෂි සොයාගැනීමට නොහැකිවීම නිසා නිදහස් කර තිබේ.
එමා පවසන ආකාරයට ඇය මේ ගැන විශ්වවිද්‍යාල පාලනාධිකාරියට නොයෙක් වර පැමිණිලි කළද ඉන් ඵලක්වී නැත. එනිසා ඇයට ඉදිරිපත් කිරීමට ඇති එකම සාක්ෂිය වන මෙට්ටයද රැගෙන දේශන වලට සහභාගීවීමට, විශ්වවිද්‍යාලයේ තැනින් තැනට ගමන් කිරීමට ඇය කටයුතු කර ඇත.
විශ්වවිද්‍යාලයෙන් දෘෂ්‍යකලාව සම්බන්ධ උපාධියක් ලබාගත් ඇය එම උපාධිය සදහා ඉදිරිපත් කළ නිබන්ධනය සකසා තිබුණේ ඇයගේ අවාසනාවන්ත ඉරණම පදනම් කරගෙනය.
තමන්ට අභූත චෝදනා එල්ල කරන්නේ යැයි පෝල් නුස්නෙගර්ද එමාට එරෙහිව අධිකරණයට ඉදිරියට යෑමට කටයුතු කර තිබෙන අතර එම නඩු විභාගය ඉදිරියේදී කැඳවෙනු ඇති බව සඳහන්ය. තැන තැන මෙට්ටය රැගෙන යමින් දකින තැන තමන්ට චෝදනා කළ එමා සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කිසිදු පියවරක් නොගැනීම පිළිබඳවද ඔහු චෝදනා ගොනුකර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවටත් මේවා අවොත් ආර්පිකෝ එක වහන්නත් වේවි (බ)
ඔබ හරි කපුගේ ....මේ හැම දේටම කලින් මිනිස්සුන්ගේ අධ්‍යාත්මය හදන්න ඕනෑ (ම)
බලන්න අසාධාරණය හැමතැනම,ලෝකේ කොහෙත් එකයි. අපේ අධ්‍යාත්මය හදන්නේ නැතිව මේවා ඉවර වෙන්න නෑ. ලෝකේ ඉන්න හැම ආගමික නායකයෙක්ම මේවා ගැන මිනිසුන්ට දේශනා කරන්න වෙනවා. නැතිනම් මේ ලෝකේ ඉක්මනටම විනාශ වෙලා යනවා.(බ)
මේ සිද්දියෙන් පේනවා අපේ රටේ සහ බටහිර රටවල දරුවන් ප්‍රශ්නවලට මුහුණදෙන ආකාරයේ වෙනස, සහ සමාජය බලන විදිහේ වෙනස. දූෂණයක් සිදුවුණුවිට දූෂණයට ලක් වූ කෙනා එය තමාගේ වරඳක් ලෙස පසුතැවෙමින් ජීවිතය නැතිකරගන්න හදන එක තමා අපේ රටවල වෙන්නේ. නමුත් මේ රටවල අය එයින් පසුවත් දිරිමත්ව ජීවිතය ගෙන යනවා. (ත)