IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


උපාධිය ගන්න මෙට්ටයත් අරන් යයි

තමන් දූෂණය කරනු ලැබූයේ මෙට්ටය මත නිදාසිටියදී බව කියමින් අධ්‍යයන කාලය පුරාවට යන යන තැන මෙට්ටයක් රැගෙන ගිය ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක පසුගියදා පැවැත්වුණු ඇයගේ උපාධි ප‍්‍රධානෝත්සවයේදී තමන්ගේ උපාධිය ලබාගැනීමට ගොඩවූයේද ඒ මෙට්ටය රැගෙනය.

ඇයව දූෂණය කළ බවට චෝදනා ලැබ සිටින සිසුවාද එම උපාධි ප‍්‍රධානෝත්සවයට සහභාගීව සිටියේය. පොලිස් වාර්තා වලට අනුව පෝල් නුන්ගෙසර් නම් වන මෙම සිසුවා ඇයව දූෂණය කර ඇති බව සනාථ කිරීමට සාක්ෂි සොයාගැනීමට නොහැකිවීම නිසා නිදහස් කර තිබේ.

එමා පවසන ආකාරයට ඇය මේ ගැන විශ්වවිද්‍යාල පාලනාධිකාරියට නොයෙක් වර පැමිණිලි කළද ඉන් ඵලක්වී නැත. එනිසා ඇයට ඉදිරිපත් කිරීමට ඇති එකම සාක්ෂිය වන මෙට්ටයද රැගෙන දේශන වලට සහභාගීවීමට, විශ්වවිද්‍යාලයේ තැනින් තැනට ගමන් කිරීමට ඇය කටයුතු කර ඇත.

විශ්වවිද්‍යාලයෙන් දෘෂ්‍යකලාව සම්බන්ධ උපාධියක් ලබාගත් ඇය එම උපාධිය සදහා ඉදිරිපත් කළ නිබන්ධනය සකසා තිබුණේ ඇයගේ අවාසනාවන්ත ඉරණම පදනම් කරගෙනය.

තමන්ට අභූත චෝදනා එල්ල කරන්නේ යැයි පෝල් නුස්නෙගර්ද එමාට එරෙහිව අධිකරණයට ඉදිරියට යෑමට කටයුතු කර තිබෙන අතර එම නඩු විභාගය ඉදිරියේදී කැඳවෙනු ඇති බව සඳහන්ය. තැන තැන මෙට්ටය රැගෙන යමින් දකින තැන තමන්ට චෝදනා කළ එමා සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කිසිදු පියවරක් නොගැනීම පිළිබඳවද ඔහු චෝදනා ගොනුකර ඇත.

28DDD6FD00000578-3088144-Keeping_her_promise_Emma_Sulkowicz_carries_her_mattress_at_the_C-a-1_1432075006157 28DDE21C00000578-3088144-Alleged_rapist_Paul_Nungesser_pictured_in_a_rare_front_facing_ph-a-2_1432075053425 28DFA01B00000578-3088144-image-a-2_1432070478347 28DFA02900000578-3088144-image-a-1_1432070434995



අදහස් (0)

උපාධිය ගන්න මෙට්ටයත් අරන් යයි

කපුගේ Wednesday, 20 May 2015 10:53 AM

ලංකාවටත් මේවා අවොත් ආර්පිකෝ එක වහන්නත් වේවි (බ)

:       0       0

හංසි Thursday, 21 May 2015 09:45 AM

ඔබ හරි කපුගේ ....මේ හැම දේටම කලින් මිනිස්සුන්ගේ අධ්‍යාත්මය හදන්න ඕනෑ (ම)

:       0       0

කුමාර Wednesday, 20 May 2015 02:36 PM

බලන්න අසාධාරණය හැමතැනම,ලෝකේ කොහෙත් එකයි. අපේ අධ්‍යාත්මය හදන්නේ නැතිව මේවා ඉවර වෙන්න නෑ. ලෝකේ ඉන්න හැම ආගමික නායකයෙක්ම මේවා ගැන මිනිසුන්ට දේශනා කරන්න වෙනවා. නැතිනම් මේ ලෝකේ ඉක්මනටම විනාශ වෙලා යනවා.(බ)

:       0       0

සිලනිකස් Thursday, 21 May 2015 06:00 PM

මේ සිද්දියෙන් පේනවා අපේ රටේ සහ බටහිර රටවල දරුවන් ප්‍රශ්නවලට මුහුණදෙන ආකාරයේ වෙනස, සහ සමාජය බලන විදිහේ වෙනස. දූෂණයක් සිදුවුණුවිට දූෂණයට ලක් වූ කෙනා එය තමාගේ වරඳක් ලෙස පසුතැවෙමින් ජීවිතය නැතිකරගන්න හදන එක තමා අපේ රටවල වෙන්නේ. නමුත් මේ රටවල අය එයින් පසුවත් දිරිමත්ව ජීවිතය ගෙන යනවා. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 464 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2215 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1667 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site