IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


උප ජනපතිනී කමලා හැරිස් ආසියාවේ

ආසියානු කලාපයේ ඇමෙරිකා බලය තහවුරු කර ගැනීමේ ප්‍රධාන අරමුණින්, ඇමෙරිකා උප ජනාධිපතිනී කමලා හැරිස් ආසියානු නිල සංචාරයක් ආරම්භ කරමින් සිංගප්පූරුව බලා පැමිණියාය. ඇමෙරිකා උප ජනාධිපතිනිය ලෙස කමලා හැරිස්, ආසියානු සංචාරයක් ආරම්භ කළ පළමු අවස්ථාව මෙයයි.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කර ගැනීමත්, තලේබාන්වරුන් යළි ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමත් සමඟ මේ වනවිට ආසියානු රටවල් බොහොමයක් ඇමෙරිකාව කෙරෙහි තැබූ විශ්වාසය පළුදු වී ඇත.

පළුදු වුණු එම විශ්වාසය යළි ගොඩනගා ගැනීමේ අරමුණින්, උප ජනාධිපතිනිය සිංගප්පූරුවේ තෙදින නිල සංචාරයක නියැලෙනු ඇත. සිංගප්පූරු සංචාරයෙන් පසු ඇය වියට්නාමයට යෑමට ද නියමිතය.

උප ජනාධිපති කමලා හැරිස් ඊයේ (22) සිංගප්පූරුවට පැමිණීමෙන් පසු කලාපීය මෙන්ම ගෝලීය වශයෙන් ද චීනයෙන් එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූවාය. ඒ, සිංගප්පූරු අගමැති සහ ජනාධිපති හමුවෙමිනි. එම සාකච්ඡාවලින් අනතුරුව ඇය චැංගි නාවික හමුදා කඳවුර ගොස් යූඑස්එස් ටුල්සා නෞකාවේ සිටින ඇමරිකානු නැවියන් ඇමැතුවාය.

ඇමෙරිකන් උප ජනපතිනිය හෙට (24) දිනයේ වියට්නාමය බලා යනු ඇත. වියට්නාමයේදී ඇය එරට රජය සමඟ සාකච්ඡා පවත්වනු ඇති අතර එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථානයේ අග්නිදිග ආසියානු කලාපීය ශාඛාවක්ද  විවෘත කිරීමට ද සහභාගී වීමට නියමිතය. ඊට අමතරව, වියට්නාම සිවිල් සමාජ නියෝජිතයින් හමුවීමට කමලා හැරිස් සූදානමින් සිටී.

කොවිඩ් 19 වසංගතය පිළිබඳව අවධානය යොමු කරන අග්නිදිග ආසියානු සෞඛ්‍ය නිලධාරීන්ගේ හමුවකට ද ඇමෙරිකානු උප ජනාධිපතිවරිය සහභාගී වනු ඇතැයි ධවල මන්දිරය පවසා තිබුණි.

සිංගප්පූරුවට පැමිණි අවස්ථාවේ, උප ජනාධිපතිනිය මාධ්‍ය හමුවකට සහභාගී වූවාය. එහිදී මාධ්‍යවේදියකු 'ඇෆ්ගනිස්තානයේ අර්බුදය' ගැන අදහස් දක්වන්නැයි උප ජනාධිපතිනී කමලා හැරිස්ගෙන් විමසීමක් කළේය. 'ඇෆ්ගනිස්තානයේ කිසිම අර්බුදයක් නැහැ' ඇය සිනා සෙමින් මාධ්‍යවේදියාට පිළිතුරු දුන් අතර, ඇෆ්ගනිස්තානය ගැන කිසිවක් පැවැසුවේ නැත.

(රොයිටර්)



අදහස් (0)

උප ජනපතිනී කමලා හැරිස් ආසියාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 671 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2337 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site