මෙම මස 24 වැනි බ්‍රහස්පතින්දා උඳුවප් පුන් පොහෝ දිනය වෙනුවෙන් ලන්ඩන් නුවර මහමෙවුනා භාවනා අසපු මධ්‍යස්ථාන සියල්ලෙහිම ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.

හිලින්ඩන් මහමෙවුනා අසපුවේදී උදැසන 6 සිට සවස 5 දක්වා ශීලභාවනා වැඩ සටහනක්ද සවස 6 සිට රාත්‍රී 8 දක්වා අසිරිමත් සත් බුදු වන්දනා වැඩ සටහනක්ද පැවැත්වෙයි.

බැසිල්ඩන් මහමෙවුනා භාවනා අසපු මුලස්ථානයේදී අසිරිමත් සත්බුදු වන්දනාමය වැඩසටහනක් ද, සරේ අසපුවේදී බෝධි වන්දනාවක් ද, ස්ටැන්මෝර් අසපුවේදී ධාතු වන්දනා වැඩසටහනක් ද, වොරින්ටන් අසපුවේදී සත්බුදු වන්දනා වැඩසටහනක්ද පැවැත්වේ.  එම පිංකම් සවස 6 සිට රාත්‍රී 8 දක්වා පැවැත්වීමට නියමිතය.

එංගලන්තයේ අනෙකුත් ශ්‍රී ලාංකික විහාරස්ථාන සියල්ලෙහිම මෙම සති අන්තයේදී උඳුවප් පොහොය වෙනුවෙන් දාන, ශීල භාවනා වැඩසටහන් සංවිධානය කර ඇත.

මෙම පින්කම් සඳහා සුදුවතින් සැරසී විහාරස්ථාන වෙත පැමිණෙන ලෙස සැදැහැවතුන්ට ආරාධනා කර ඇත.

සංඝමිත්තා තෙරණිය විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද්දේ උඳුවප් පුන් පොහොය දිනයේදීය.

maha_20151223SATH-BUDU2 maha_20151223SATH-BUDU3 maha_20151223SATH-BUDU-4 maha_20151223SATH-BUDU5