මෙම මස 24 වැනි බ්‍රහස්පතින්දා උඳුවප් පුන් පොහෝ දිනය වෙනුවෙන් ලන්ඩන් නුවර මහමෙවුනා භාවනා අසපු මධ්‍යස්ථාන සියල්ලෙහිම ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.
හිලින්ඩන් මහමෙවුනා අසපුවේදී උදැසන 6 සිට සවස 5 දක්වා ශීලභාවනා වැඩ සටහනක්ද සවස 6 සිට රාත්‍රී 8 දක්වා අසිරිමත් සත් බුදු වන්දනා වැඩ සටහනක්ද පැවැත්වෙයි.
බැසිල්ඩන් මහමෙවුනා භාවනා අසපු මුලස්ථානයේදී අසිරිමත් සත්බුදු වන්දනාමය වැඩසටහනක් ද, සරේ අසපුවේදී බෝධි වන්දනාවක් ද, ස්ටැන්මෝර් අසපුවේදී ධාතු වන්දනා වැඩසටහනක් ද, වොරින්ටන් අසපුවේදී සත්බුදු වන්දනා වැඩසටහනක්ද පැවැත්වේ. එම පිංකම් සවස 6 සිට රාත්‍රී 8 දක්වා පැවැත්වීමට නියමිතය.
එංගලන්තයේ අනෙකුත් ශ්‍රී ලාංකික විහාරස්ථාන සියල්ලෙහිම මෙම සති අන්තයේදී උඳුවප් පොහොය වෙනුවෙන් දාන, ශීල භාවනා වැඩසටහන් සංවිධානය කර ඇත.
මෙම පින්කම් සඳහා සුදුවතින් සැරසී විහාරස්ථාන වෙත පැමිණෙන ලෙස සැදැහැවතුන්ට ආරාධනා කර ඇත.
සංඝමිත්තා තෙරණිය විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද්දේ උඳුවප් පුන් පොහොය දිනයේදීය.
2025 නොවැම්බර් මස 04
518
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2251
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1683
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උඳුවප් පොහොයට ලන්ඩන් නුවර පිංබර වෙයි
ශානක Wednesday, 23 December 2015 06:24 AM
මේ ගැන දැනුම් දුන්න ලංකාදීපයට අපගේ ප්‍රණාමය.. බොහොම පින්... (කෞ)
පිටබැද්දර ජයා Wednesday, 23 December 2015 01:50 PM
මමත් හෙට පන්සල් යනවා. එසැණ යාළුවො ඔක්කොම මතක් කරලා මල් පුජා කරන්නම්. විශේෂයෙන් රූපවතීව (නි)
ලතා Wednesday, 23 December 2015 07:19 AM
ලෝවැසි සියලුම දෙනාට පින්බර උදුවප් පොහෝ දිනයක් වේවා. (ස)