IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


උදය මැදවලට ඇමරිකාවේ ආරක්ෂක උපදේශක තනතුරක්

මේජර් ජනරාල් උදය මැදවල මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස පසුගියදා වැඩ බාරගත්තේය.

උදය අනිල් බණ්ඩාර මැදවල ශ්‍රී ලංකා සන්නද්ධ බළකායේ නිලධරයෙකි. ඔහු නාලන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. ක්‍රිකට්, බැඩ්මින්ටන්, මළල ක්‍රීඩා හා කැඩෙට් යන ක්‍රීඩාවලින් දස්කම් දැක්වූ ඔහු 1981 දී යුද හමුදාවට බැඳුණේය.

හිටපු යුද හමුදාපති ජනරාල් රොහාන් දළුවත්තගේ හමුදා සහකාර ලෙස ක්‍රියා කළ ඔහු ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේද සහායකයෙක් විය. යාපනය කිලාලියේ පිහිටි 554 පාබල හමුදාවේ අණදෙන නිලධරයා වූ ඔහු යුද හමුදා සන්නද්ධ බළකායේ ඉහළ තනතුරු රැසක්ම හෙබවීය.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපතිවරයාද වූ මැදවල වරක් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාද විය. ඔහුගේ යුද හමුදා සේවය 34 වසරකි. ඉන්දියාව, පාකිස්තානය, සිංගප්පූරුව හා චෙක් ජනරජයේ විශේෂ පුහුණු පාඨමාලා හැදෑරූ ඔහු ඉන්දියාවේ ආරක්ෂක විද්‍යා පීඨයේද, නවසීලන්තයේ ආරක්ෂක විද්‍යාලයේද විද්‍යාර්ථියෙකි. ආරක්ෂක හා ක්‍රමෝපාය අධ්‍යාපනය පිළිබඳ මදුරාසි සරසවියේ එම්.එස්.සී උපාධිය හිමිකරගත් ඔහු සාමසාධක මෙහෙයුම් පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාවක්ද හදාරා ඇත. ඇමරිකාවේ රෝඩ් දූපතේ ආරක්ෂක විද්‍යා පීඨයේ ඔහු විශේෂ පාඨමාලාවක් හැදෑරීය.

චීනයේ ජාතික ආරක්ෂක සරසවියේ උපාධිධරයකු වන ඔහු එතෙර මෙතෙර සරසවි කිහිපයකම බාහිර කථිකාචාර්යවරයෙක්ද විය.

යුද හමුදා ‘හෙළවිරු රස උදානය‘ නමින් ශ්‍රී ලංකාවේ විවිධ පළාත්හි කෑම වර්ග හඳුන්වාදීමටද කටයුතු කළේය. රණශූර, උත්තම සේවා, විශිෂ්ට සේවා විභූෂණ පදක්කම්ද දිනා සිටි ඔහු වනසතුන්ගේ ඡායාරූප ගැනීමේද දක්ෂයෙකි.

IMG_6958



අදහස් (0)

උදය මැදවලට ඇමරිකාවේ ආරක්ෂක උපදේශක තනතුරක්

කැටවල Friday, 06 November 2015 10:26 AM

නියමයි. ජයවේවා! (නි)

:       0       0

අතුල ගුණසේන Saturday, 07 November 2015 06:50 PM

නාලන්දා මාතාවගේ විශිෂ්ට පුත්‍රයෙක්. (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Sunday, 08 November 2015 01:15 AM

මේ වගේ නිලධාරීන්ගේ සේවය වඩා වටින්නේ ලංකාවටය. (නි)

:       0       0

ක්‍රිෂා Friday, 06 November 2015 11:55 AM

හොඳ පුවතක් (නි)

:       0       0

කුමාරගම Friday, 06 November 2015 11:59 AM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

චේතන Friday, 06 November 2015 12:31 PM

හොඳ මහත්මයෙක් (නි)

:       0       0

රන්ජන් සමරසිංහ Friday, 06 November 2015 01:05 PM

මහත්මා ගති ඇති නීතිගරුක නිලධාරියෙක්. අපේ සුභ පැතුම් ඔබතුමාට! (නි)

:       0       0

ප්‍රියංග ජයලත් Saturday, 07 November 2015 06:03 AM

ලක් මව බබළවන ඔබ වැනි පුතුන් රටට ආඩම්බරයකි! (රේ)

:       0       0

පීරිස් Monday, 09 November 2015 08:30 AM

ජයවේවා! (නි)

:       0       0

සානක Friday, 06 November 2015 02:22 PM

ගොඩක් හොඳයි හොද නිළධාරියෙක් (අ)

:       0       0

රාජික දිලිප් කුමාර Friday, 06 November 2015 08:08 AM

මගේ උණුසුම් සුබපැතුම් ඔබතුමාට (බ)

:       0       0

රූපවතී Friday, 06 November 2015 02:57 PM

අපේ රටේ ඉන්න සියලුම බුද්ධිමතුන්ගේ සේවය පිට රටටම ගිහිල්ලා දෙමු ..අපි තවමත් කැලේම පිපී කැලේටම පරවුණු මොනවද වගේ නුපන් දරු මුනුපුරනුත් මේ දේශපාලකයින්ගේ ..වැදි බණත් සමගම..මිලින වෙලා යන දෙස ..සුසුම් හෙලමින් අපේ හෙට දවස ලගාවෙන සැදෑ සමය අවිනිශ්චිතව ගතකරමු ..උම්මන්තයින් මෙන්...! ලෝකෙම සිටින බුද්ධිමතුන්ව ග්‍රීන් කාඩ් මගින් තම දේශයට පුරවා ගත් බල කුවේරයන් සිටින ඇමරිකාව 2025 වන තුරු අපි ජීවත් වුනොත් දැකගන්න ලැබේවි...?අපිට කොතනද අත්වෙන්නේ කියල මේ මිහිතලයේ වාසය කරන්න...? (බ)

:       0       0

තමර Monday, 09 November 2015 12:28 AM

සුබ පැතුම්! (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Friday, 06 November 2015 06:26 PM

සුදුසුකම් හා නිපුණතාවයෙන් යුත් ආරක්ෂක සේවයේ උසස් නිලධාරීන්ගේ සේවය අගයමින් මෙවැනි තනතුරුවලට පත්කිරීම සැමගේ ඉතා ප්‍රශංසාවට භාජනය කළ යුතුය (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 510 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site