නත්තල් නිවාඩු සමයේ හා එළඹෙන නව වසර සඳහා උත්සව පැවැත්වෙන කාල සීමාවේදී ඉන්දියාවේ නවදිල්ලි නුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව කියන ත්‍රස්ත සංවිධානයක දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි එන්ඩීටීවී පුවත් සේවය පවසයි.

ස්වදේශිකයන් ලෙස වෙස්වළාගෙන ජීවත්වූ උත්තර ප්‍රදේශයේ සම්බාල් දිස්ත්‍රික්කයේ සිටි මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ දිල්ලි පොලිසියේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් විසිනි.

දේශ සීමා උල්ලංඝනය කරමින් පකිස්තානයේ හා ඇෆ්ගනිස්තානයේ පුහුණු කඳවුරකට සහභාගීවූ බවට වසර දෙකකට පෙර මොවුන්ට චෝදනා එල්ලවී ඇතැයි ඉන්දීය ආරක්ෂක අංශ කියයි.